පැයකදී විකිනුණු බඩඉරිඟු  මුට්ටිය දවසෙම විකුණනවා

148

පෝර නැති නිසා එළවළුත් නෑ පලතුරුත් නෑ

බදුල්ල – මහියංගන, බදුල්ල – රන්දෙණිගල, මහියංගණ – 18 වංගුව ආදී මාර්ග දෙපස තැම්බූ බඩ ඉරිඟු, ගම්බද එළවළු පලතුරු ආදිය තබාගෙන අලෙවි කිරීමෙන් සිය ජීවිතය සරිකරගත් පවුල් සිය ගණනක් මේ වනවිට තම ආදායම් මාර්ග මුළුමනින්ම පහත වැටීමෙන් මේ වනවිට යන එන මං නොමැති තත්වයකට පත්ව සිටිති.

මීට අමතරව මාර්ගයේ යන එන්නන්ට විවිධ පහසුකම් සැලසීම සඳහා ඉදිකර ඇති ආපන ශාලා මෙන්ම සෙසු වෙළෙඳසැල් රැසකටද මෙම ඉරණම අත්ව තිබේ.

කොවිඩ් වසංගතය පැතිර යෑමත් සමගම මහා මාර්ගවල ගමන් ගන්නා පිරිස් වෙනදා මෙන් තම වෙළෙඳසැල් අසල වාහන නතර නොකිරීමත්,ගම්බද එළවළු පලතුරු තොග ලැබීම ශීඝ‍්‍රයෙන් පහත වැටීමත් මෙම තත්ත්වයට හේතුව බව වෙළඳාමේ නිරත වන්නෝ පෙන්වා දෙති.

පැයකදී විකිනුණු බඩඉරිඟු  මුට්ටිය දවසෙම  විකුණනවා

ඞී. එම්. හීන්මැණීකා මහත්මිය –

මහත්තයෝ මේ පාරේ යන එන මිනිස්සුන්ට මොනව හරි ටිකක් විකුණල තමා මේ පාර දෙපැත්තේ ගම්වල මිනිස්සු ජීවත් වුණේ. අපි මේකෙන් කීයක් හරි හොයාගෙන තමා එදා වේල පිරිමහ ගත්තේ.

අද වෙනකොට අමු ඉරිඟු මිල හොඳටම ඉහළ ගිහින්. ඉරිඟු කරලක් අපිට හම්බ වෙන්නෙම රුපියල් 20 – 25 වගේ මිලකට. ඒක තම්බල විකුණගන්න මිලක් නියම කරගන්න බෑ. අනෙක වෙනද ඉරිඟු මුට්ටියක් තැම්බුවම පැයක් යද්දි ඒක ඉවර වෙනව. අද උදේ ඉඳල හවස් වෙනකම් හිටියත් විකුණගන්න බෑ.

පැයකදී විකිනුණු බඩඉරිඟු  මුට්ටිය දවසෙම  විකුණනවා

පෝර නැතිකම නිසා ගමේ එළවළු ඇත්තෙත් නැහැ. ඒත් මොකක් හරි කරන්න ඕනි නිසා අපි පාරට ඇවිත් මොනා හරි වෙළෙඳාමක් කරනව. හැබැයි අද වෙනකොට මේ පාරෙ වෙළදාම් කළ හැමෝම වගේ වෙළඳාම අත ඇරලයි තියෙන්නේ. අද අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment