පැයයි විනාඩි 45ක්  සඳුදා සිට ලයිට් කපයි

170

අද හා හෙට (19-20) විදුලි කප්පාදුවක් සිදු නොවූවත් සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුවක් දෛනිකව සිදුකිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඞීසල් හා නැප්තා ඉන්ධන නොලැබීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක පමණ විදුලි ධාරිතාවයක් අහිමිවීම නිසා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුව තිබේ.

ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය. අද සහ හෙට (19-20 ) විදුලි ඉල්ලූම සති අන්ත දින දෙක නිසා අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි කොමිසම අපේක්ෂා කර තිබෙන බව ද ඒ මහතා කීය.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා තවදුරටත් ණයට තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන තත්ත්වයක් පවතින නිසා මෙම අර්බුදය ලබන සඳුදා සිට නැවත ඇතිවන බවත් ඒ අනුව පැය එකයි විනාඩි හතළිස්පහක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවත් හෙතෙම කීය.

විදුලිය කප්පාදු කිරීම සඳහා දහවල් 2.30 සිට සවස 6.30 දක්වා කාලය අතරතුරදී පැයක කාලයක්ද, සවස 6.30 සිට රාත‍්‍රි 10.30 දක්වා කාලය අතරතුරදී විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවද ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment