පැය පහක් සීඅයිඩීය ඩයනාගෙන් ප්‍රශ්න කරයි

1309

ඉදිරි පියවර ගැන නීතිපති උපදෙස් පතයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගෙන් පෙරේදා (15වැනිදා) පැය 05ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මේ අතර තමන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් කාන්තාවක බව වසන් කරමින් ඩයනා ගමගේ මහත්මිය විසින් වසර ගණනක් තිස්සේ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇත.

තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ගමගේ මහත්මිය පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඩයනා ගමගේ මහත්මිය පාවිච්චි කරන විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් ද මෙහි දී ඒ මහත්මියගෙන් ප්‍රශ්න කර ඇත.

හිටපු සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ඊයේ දහවල් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කළහ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන සිටින බව තහවුරු වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය පසුගියදා අහෝසි කරනු ලැබීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment