පැය 120 ක ස්ථානාධිපති වර්ජනය නවතී: දින හතරට පාඩුව කෝටි දෙක පනී

70

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කොටස් වශයෙන් ආරම්භ කර තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඊයේ (28 දා) මධ්‍යම රාතී‍්‍ර සිට අවසන් කළ බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සමග ඊයේ (28 දා) පස්වරුවේ පැය තුනකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී තම ඉල්ලීම් දහයක් සඳහා සාධනීය විසඳුම් ලබාදීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බව ද හෙතෙම කීය.

ඒ අනුව ඊයේ (28 දා) මධ්‍යම රාති‍්‍රයේ සිට නැවත පාර්සල් භාරගැනීම, ප‍්‍රවේශපත් නිකුත් කිරිම ඇතුළු සියලූ රාජකාරි ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉකුත් 22 දා මධ්‍යම රාති‍්‍රයේ සිට පාර්සල් ප‍්‍රවාහනය භාර ගැනීමෙන් ඉවත් වූ ඔවුහු 24 වැනිදා සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීමෙන් ද ඉවත් වූහ.

අකිත පෙරේරා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment