පැය 24ට කරාපිටිය රෝහලේ 41ක් කොවිඞ් පොසිටිව් වෙද්දී මරණ 03ක්

109

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය තුළදී ඉකුත් පැය 24 ක කාලය තුළදී කරනු ලැබූ රැුපිඞ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්‍ෂණවලදී කොවිඞ් වෛරසය ආසාදිත වූවන් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බැව් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 44 ක් සිදුකොට ඇති අතර ඉන් 25 දෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. පී.සී.ආර්. පරීක්ෂණ 313 ක් සිදුකොට ඇති අතර ඉන් 16 දෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ අය අතර රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනකුද සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. අගෝස්තු මස 01 වැනිදා සිට පෙරේදා (16 දා) දක්වා කාලය තුළදී කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයේ 179 දෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. ඉකුත් පැය 24 ක කාලය තුළදී රෝහලින් කොවිඞ් මරණ 03 ක් වාර්තා වී ඇත.

ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment