පැය 24 ට කරාපිටියෙන් කොවිඞ් මරණ 08ක්

430

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය තුළදී ඉකුත් පැය 24 ක කාලය තුළදී පුද්ගලයන් 257 ක් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 23 දෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.මින් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව්දෙනකු පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් එක් අයකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ අතර ඉකුත් පැය 24 ක කාලය තුළදී කරාපිටිය රෝහලෙන් කොවිඞ් ආසාදිත මරණ 08 ක් වාර්තා වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. මින් සිව් දෙනෙකු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනික් සිව්දෙනා නිවෙස්වලදී මියගොස් ඇති අතර මිය යෑමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment