පැය 24 ට නිවෙස්වල කොවිඩ් රෝගීහු 4632 ක්

239

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

ගතවූ පැය විසිහතරේ කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ගත වූ පැය විසිහතරේදී කොවිඞ් රෝගීන 4632 දෙනකු නිවෙස් ගත නිරෝධායනය ප‍්‍රතිකාර ක‍්‍රමවේදය සඳහා ඇතුළත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවෙස් ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ක‍්‍රමවේදයේ ප‍්‍රධානි පවුල් සෞඛ්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (12 වැනිදා) පැවසුවාය.

පසුගිය සතියේ සිට කොවිඞ් ආසාදිත රෝගීන් වැඩිවීමක් දක්නට ඇතැයිද ඇය සඳහන් කළාය.

නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදය ආරම්භවූ දා සිට ගතවූ මාස 05 ක කාලය තුළ මෙම ක‍්‍රවේදය සඳහා කොවිඞ් රෝගීහු එක්ලක්ෂ අටදහස් එකසිය හතළිස් නවදෙනකු (1,08,149) ඇතුළත්වී ඇතැයිද ඇය කීවාය.

එලෙස නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය තුළ මේ වනවිට රෝගීහු එක්ලක්ෂ එක්දහස් හාරසිය විසිහතර දෙනෙකු (1,01,424) සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇතැයි ද ඈ කියා සිටියාය. නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය හරහා එක් මරණයක් පමණක් වාර්තාවී ඇති බව ද ඇය සඳහන් කළාය.

නිවෙස්ගත කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රමවේදය සඳහා ඇතුළත්වීමට බලාපොරොත්තු වන්නේ නම් 1398 අමතන්න යැයිද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment