පැය 6ක් ඇඳිරිනීතිය – දිනපතා රාත‍්‍රී 10 සිට අලුයම 4 දක්වා

749

* හෙට රාත‍්‍රියේ සිට මංගල උත්සව තහනම්

 * නිවෙස්වලටත් ශාලාවලටත් තහංචිය අදාළයි

 * අවන්හල්වලත් සිටිය හැක්කේ අඩක් පමණයි

 රට තුළ පැතිරයන කොවිඞ්-19 වෛරස රෝගය පාලනය සඳහා දැනට පනවා ඇති සංචරණ නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අමතරව අද (16 දා) සිට නැවත දැනුම්දෙනතුරු දිනපතා රාතී‍්‍ර 10.00 සිට පසුදින අලූයම 4.00 දක්වා රට පුරා පැය 06 ක් නිරෝධායන ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (15 දා) නිවේදනය කළේය.

 මෙම ඇඳිරිනීතිය බලාත්මක කාලය තුළ ගමන් බිමන් සඳහා අවසර ලැබෙනුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment