පැරගුවේ නඩු අධ්‍යක්‍ෂකවරයා කොළම්බියාවේදී ඝාතනය කෙරෙයි

600

මාෆියාකල්ලි ක්‍රියාකාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට

සිය බිරිය සමඟ කොළොම්බියාවේ මධුසමය ගතකරමින් සිටි පැරගුවා රටේ නඩු අධ්‍යක්‍ෂකවරයා මාෆියා කල්ලියක් විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.

එම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්සිලෝ පිසී නමැති මෙම නඩු අධ්‍යක්‍ෂකවරයා 44 හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ උපදෙස් මත පැරගුවේ අධිකරණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනකුට වසර 23 ක සිරදඬුවමක් නියම කර තිබුණි.

මෙම ඝාතනය සිදුකිරීම සඳහා ඩොලර් මිලියන 24ක් මාෆියා කල්ලි ක්‍රියාකාරීන්ට ලබාදී ඇතැයි හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment