පැරණි ණයවලටත් පොලී වැඩි කරලා

635

ඇතැම් බැංකු විසින් බැංකු ගනුදෙදෙනුකරුවන්ගේ පැරණි ණය වෙනුවෙන් වැඩි පොලී අනුපාත නියම කරමින් අලුතින් වාරික ගණනය කර ගෙවන ලෙස එම පාරිභෝගිකයන්ට දැනුම්දී ඇත. මේ නිසා බැංකු ණය ගැනුම්කරුවන් බොහොමයක් බලවත් දුෂ්කරතාවන්ට පත්ව ඇත.

බැංකු විසින් තම ණය හිමියන්ට දන්වා ඇත්තේ පසුගිය කාලයේ මූල්‍ය වෙළෙඳපොළෙහි තැන්පතු පොලී අනුපාත ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් අරමුදල් පිරිවැය ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇති නිසාත් මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි. මේ නිසා අකමැත්තෙන් වුවද තැන්පතු පොලී අනුපාතික වැඩි කිරීමට සිදුව ඇති බවද බැංකු විසින් තම ණය ගැනුම්කරුවන්ට දන්වා ඇත. පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මේ පොලී වැඩිවීම් දරා ගැනීමට අපහසු බවද බැංකු ණය ගැනුම්කරුවෝ පවසා සිටිති.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment