පැරණි මස්කෙළිය නගරය යළි මතුවේ

264


ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මස්කෙළියල මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස යෑමත් සමග ඊට යටව තිබූ පැරණි මස්කෙළිය නඟරයේ සර්ව ආගමික සිද්ධස්ථාන ඇතුළු නටඹුන් මේ දිනවල නැවත දිස්වන්නට පටන්ගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමේ සිට අඩි 62 ක් පමණ පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන නව ලක්ෂපාන පොල්පිටිය කැනියොන් හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment