පැරදුණත් පෝලන්තය ඇතුළට

247

ආර්ජන්ටිනාව සහ පෝලන්තය අතර ඊයේ අලුයම පැවති තරඟයෙන් ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල් 2-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

එම ජයග්‍රහණය සමගින් ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් 16 වටයට සුදුසුකම් ලැබීය. එහෙත් මීට පෙර තරඟවලදී පෝලන්තය දැක්වූ දස්කම් මත ඔවුන්ටද අවසන් කණ්ඩායම් 16 අතරට එක් වීමට හැකි විය.

මෙම තරගයේ වීරයා සම්මානය ආර්ජන්ටිනා නායක ලියොනල් මෙසී දිනාගත් අතර ඒ සමගම ලෝක කුසලාන තරගාවලිවලදී වැඩිම තරගයේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රීඩකයා බවට ද මෙසී පත්විය.මීට පෙර එම වාර්තාවේ රැඳී සිටියේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය.

advertistmentadvertistment
advertistmentadvertistment