පැරසිටමෝල් පෙත්තක උපරිම මිල රු. 2.30යි

100

සෞඛ්‍ය ඇමැති ගැසට් නිවේදනයකින් දන්වයි

පැරසිටමෝල් මිලිග‍්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් විය යුතු බව දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඉකුත් 28 දා සිට කි‍්‍රයාත්මක වන පරිදි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙය පැරසිටමෝල් ඖෂධීය නාමයේ සියලූ වෙළෙඳ නාමයන් සම්බන්ධයෙන් අදාළ වන අතර විකිණීමේ කාර්ය සඳහා පැරසිටමෝල් ළඟ තබාගෙන සිටින නිෂ්පාදකයෙකු, වෙළෙන්දෙකු, ඖෂධවේදියකු, වෛiවරයකු, ඔසුසලක් හෝ යම් තැනැත්තෙකු මිලිග‍්‍රෑම් 500 පෙත්තක් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම නොකළ යුතු බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment