පැරාලිම්පික් කණ්ඩායමට ඩයලොග් සවිය දෙයි

172

ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන 2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී මෙරටින් පිටත්වීමට නියමිතව තිබේ. එ් අනුව හෙල්ල විසිකිරීමේ සුපිරි ක‍්‍රීඩක දිනේෂ් ප‍්‍රියන්ත හේරත්ගේ නායකත්වයෙන් යුතු 9 දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායම සඳහා අනුග‍්‍රාහක ශක්තිය එක් කිරීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත් වී සිටි.

පැරාලිම්පික් කණ්ඩායමට ඩයලොග් සවිය දෙයි

මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගීවන 9 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් ජාතික ධජය රැුගෙන යෑම හෙල්ල විසිකිරීම එෆ්46 කාණ්ඩයෙන් තරගවදින දිනේෂ් ප‍්‍රියන්ත හේරත් වෙත පැවරෙන අතර එෆ්44 සහ එෆ්64 කාණ්ඩවලින් හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා තරගවදින පිළිවෙලින් සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්වට එෆ්42 කාණ්ඩයෙන් තරගවදින පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වේ ටී47 කාණ්ඩයෙන් තරගවදින මධුරංග සුබසිංහ, මීටර 100 ටී45/46 කාණ්ඩයට සහ දුර පැනීම ඉසව්වට තරගවදින කුමුදු ප‍්‍රියංක සමගින් රෝදපුටු ටෙනිස් ඉසව්වට තරග වදින රංජන් ධර්මසේන, දුනු විදීමේ ඉසව්වට සහභාගී වන සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීම ඉසව්වට සහභාගීවන මහේෂ් ජයකොඩි එම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍ය – හර්ෂ සමරනායක මහතා විසින් ටෝකියෝ පැරාලිම්පික් ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් වෙත අනුග‍්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. මීට අමතරව ටෝකියෝ පැරාලිම්පික් ශ‍්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි සහ විධායක කමිටු සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment