පැරාලිම්පික් ක‍්‍රීඩකයන්ට ඩයලොග් අනුග‍්‍රාහය

104

පැරාලිම්පික් ක‍්‍රීඩකයන්ට ඩයලොග් අනුග‍්‍රාහය ලාංකීය නාමය පතුරවමින් ජයග‍්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නවදෙනකු තරග බිමට එළඹීමට නියමිත ය. මෙවර පැරාලිම්පික් සමාරම්භක උළෙලේ දී ශ‍්‍රී ලාංකීය ධජය රැුගෙන යෑමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනේෂ් ප‍්‍රියන්ත විසිනි.

පැරාලිම්පික් ක‍්‍රීඩකයන්ට ඩයලොග් අනුග‍්‍රාහය

ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ පවතින දස වසරක සහයෝගිතාවය තවත් ඉදිරියට ගෙන යමින් 2020 ටෝකියෝ පැරාලිම්පික් නියෝජනය කරන ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට සිය දක්ෂතා දැක්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සිය අනුග‍්‍රාහක දායකත්වය ලබා දීමට මෙවර ද ඉදිරිපත්ව ඇත. මෙයට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව සහ ශ‍්‍රී ලංකා යුද හමුදා පැරාලිම්පික් ක‍්‍රීඩා කමිටුව ද සිය අඛණ්ඩ අනුග‍්‍රාහක දායකත්වය සපයයි.

advertistmentadvertistment
advertistmentadvertistment