පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දෙන බව දිවයිනට පැමිණි පාලිත කියයි

288

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙලේ පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර පෙරේදා (08දා) රාත්‍රි කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ඔහු එදින රාත්‍රි 07.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

පාලිත බණ්ඩාර පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පැවති උත්සවයට ඔහුගේ මව, බිරිඳ, දරුවන් මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බි්‍රගේඩියර් නලීන් බණ්ඩාරනායක, ජාතික පැරා කමිටුවේ සභාපති බි්‍රගේඩියර් බන්දු බණ්ඩාර ඇතුළු තවත් විශාල පිරිසක් පැමිණ සිටියහ.

එහිදී අදහස් දැක්වූ පාලිත බණ්ඩාර, තමන් 2022 වසරේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් රටට දිනා දීම තම අපේක්ෂාව බව පැවසීය.
කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment