පැරා ආසියා සහ පැරා ලෝක ශූරතා තරගාවලියේදී රන් පදක්කම් රැසක් ගෙන එනවා

114

ලෝක වාර්තාලාභී දිනේෂ් පි‍්‍රයන්ත කියයි

එළැඹෙන පැරා ආසියා තරගාවලියේදී සහ පැරා ලෝක ශූරතා තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් රැුසක් දිනාදීම තමන් ඇතුළු පැරා මලල කී‍්‍රඩකයන්ගේ බලාපොරොත්තුව බව ලෝක වාර්තාලාභී ශී‍්‍ර ලංකා පැරාලිම්පික් කී‍්‍රඩක දිනේෂ් පි‍්‍රයන්ත ඊයේ (23 වැනිදා) ප‍්‍රකාශ කළේය.

ඒ සඳහා දක්ෂ කී‍්‍රඩකයන් රැුසක් ශී‍්‍ර ලංකාව සතුව සිටින බවත් එම තරගාවලියන්හිදී ශී‍්‍ර ලංකා නාමය ලෝකයේ ඉහළ තලයට ගෙන ඒමට තම කී‍්‍රඩකයන්ට හැකිවනු ඇති බවත් දිනේෂ් පි‍්‍රයන්ත පැවසීය.

තමන් ඇතුළු පැරා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තත්ත්වයට පත් වූයේ විශාල කැප කිරීම් කරමින් බවත් ඒ කැපවීම්වල ප‍්‍රතිඵලය ඉදිරියේදීත් දැක ගැනීමට හැකිවනු ඇති බවත් ලෝක වාර්තාලාභියා ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා පැරා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය කරන කී‍්‍රඩා ඇඳුම් මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම නිමිත්තෙන් ඊයේ (23 වැනිදා) පැවැති උත්සවයේදී දිනේෂ් පි‍්‍රයන්ත ඒ බව පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති එම උත්සවයේදී ජාතික පැරාලිම්පික් කමිටුව වෙනුවෙන් එහි සභාපති ලූතිනන් කර්නල් දීපාල් හේරත් මහතා ද, මාස් හෝල්ඩින්ග්ස් ආයතනය වෙනුවෙන් එහි ප‍්‍රධාන නවෝත්පාදක නිලධාරි රනිල් විතාරණ මහතා ද එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ලූතිනන් කර්නල් දීපාල් හේරත් මහතා එහිදී මෙසේ කීය.

බහරේන්හි දී පැවැත්වීමට නියමිත 3 වැනි ආසියානු යොවුන් පැරා කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින්, යොවුන් මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනකු සහ පිහිනුම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විවිධ තරග කාණ්ඩ යටතේ තරග වදින අතර, මේ වෙනකොට ඔවුන් කොළඹදී අවසන් පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටිනවා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වී ඇති ශී‍්‍ර ලාංකික සමාගමක් විදියට මාස් සමාගම ලබාදෙන මෙම අනුග‍්‍රාහකත්වය අපගේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නංවා ගැනීම සඳහා විශාල ශක්තියක්.’’

‘‘මේ රටේ දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහයෝගය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා.’’ ශී‍්‍ර ලංකාවේ ජාතික පැරා කී‍්‍රඩාවල ප‍්‍රමිතිය ඉහළ නංවමින්, පැරා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම මාස් සහයෝගිතාවේ ප‍්‍රධාන අරමුණයි.

පැරාලිම්පික් කමිටුවේ උප සභාපති පි‍්‍රයන්ත පීරිස් මහතා සහ එම කමිටුවේ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පිංතූර – නිමල් දයාරත්න
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment