පැරා විරුවන්ට මුදල් තිළිණ පිරිනැමේ… දිනේෂ්ට කෝටි 6 ක් දුලාන්ට කෝටි 2 යි මිලියනයක්

398

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දිනේෂ් පි‍්‍රයන්ත හේරත් ක‍්‍රීඩකයාට රුපියල් කෝටි 5 ක මුදලක් ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ රුපියල් කෝටියක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ප‍්‍රදානය කිරීම ඊයේ (11 වැනිදා* ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී ඊයේ පැවැති උත්සවයකදී එම තෑගි මුදල් ප‍්‍රදානය කිරීම සිදුවුණු අතර පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු හට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි දෙකක් සහ ක‍්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියනයක මුදලක් ප‍්‍රදානය කෙරිණි.

පැරා විරුවන්ට මුදල් තිළිණ පිරිනැමේ... දිනේෂ්ට කෝටි 6 ක් දුලාන්ට කෝටි 2 යි මිලියනයක්

එසේම දිනේෂ් පි‍්‍රයන්ත සහ සමිත දුලාන් යන ක‍්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වූ ප‍්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැත්තෑ පන්ලක්ෂ පනස් දහසක මුදලක් ද ප‍්‍රදානය කෙරිණි.

එම්. ප‍්‍රියමාල් ජයකොඩි, මදුරංග සුබසිංහ, කුමුදු පි‍්‍රයංකා, සම්පත් හෙට්ටිආරච්චි යන ක‍්‍රීඩකයන්ට රුපියල් මිලියනය බැගින්ද, යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් 5 වැනි ස්ථානය දිනාගත් පාලිත බණ්ඩාර ක‍්‍රීඩකයාට රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් ද පිරිනැමිණි.

පාලිත බණ්ඩාර ක‍්‍රීඩකයාගේ පුහුණුකරු වූ යූ. පී. ඞී. පෙරේරා මහතාට හයලක්‍ෂ විසිපන්දහසක මුදලක්ද, සජිත් ජයලාල්, ඒ. ආර්. රත්නායක සහ ලසන්ත වැලිකල යන පුහුණුකරුවන්ට රුපියල් දෙලක්‍ෂ පනස්දහස බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමිණි.

කුෂාන් සුබසිංහ
ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment