පැරැණි කටුමැටි නිවස කඩද්දී දරුවන් දෙදෙනකු බිත්තියට යටවෙලා… අයෙක් මරුට අනෙකාට බරපතළයි

413

අකුරැස්ස නිල් මැණික්ගම ප‍්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීම සඳහා 30 වෙනි දින සවස පැරණි කටු මැටි නිවස කඩා ඉවත් කරන අතරතුර එම නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු බිත්තියකට යටවී ඉන් එක් දරුවකු ජීවිතක්ෂයට පත් වී අනෙක් දරුවා බරපතළ තුවාල ලබා ඇත.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඞී. එස්. තරිඳු ඩිල්ෂාන් නමැති අට හැවිරිදි පිරිමි දරුවෙකි.

බිත්තියට යටවී බරපතළ තුවාල ලබා ඇති අවුරුදු 04 ක් වයසැති අනෙක් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

දරුවන් හයදෙනකුගෙන් යුත් මෙම පවුලට විදේශීය පුද්ගලයකුගේ ආධාර උපකාර මත නව නිවෙස ඉදිකිරීමට කටයුතු කරමින් තිබී ඇත. මෙම හදිසි අනතුර පිළිබඳව අකුරැුස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය, අතුරලිය – ඉදුණිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment