පැරැන්නෝ ගමේ අවුරුදු සැමරුවේ මෙහෙමයි

596

සිංහල අලූත් අවුරුද්ද වූ කලි අපේ රටේ අවුරුදු පතා වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රේෂඨ මංග්‍යලය හතරෙන් එකකි. ”අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදුමල් මොට්ටු මොට්ටු” ගම්බද දරු දැරියන් මෙසේ කියමින් ප‍්‍රීති වන්නේ බක් මාසය උදාවීමත් සමගය. එරමුදු ගස්වල මල් පිපෙන්නේ ද අවුරුද්ද කිට්ටුවත්මය. ගැමි දරුවන් කජු එක්රැස් කර ගැනීම සඳහා කජු ගස් යට කරක් ගසන්නේ ද අවුරුද්දු කාලයේදීය. අලූත් අවුරුදු කාලයට නැදෑ ගෙවල්වල ඇවිදීමටත් වළකජු ගැසීමටත් ඉඩ ලැබෙන බව ගැමි දරු දැරියන් දනිති.

මොවුන්ට අලූත් ඇඳුම් පැළඳුම් ලැබෙන්නේ ද රස කැවිලි පෙවිලි රසවිඳීමට වැඩි වශයෙන් ලැබෙන්නේ ද අලූත් අවුරුදු සමයේදීය. නැකත් නොබැලූවත් රාශි චක‍්‍රය ගැන දැනීමක් නැති වුවද ගම්බද දරුවෝ අවුරුදු කාලය හොඳින් දනිති. එදා බක් මාසය උදාවීමත් සමඟ එරමුදු ගස්වල පිපුණු මල් අද දක්නට නැත්තේය.

ගම්බද කොල්ලෝ කදුරුට්ටෝ කජු එක්රැස් කිරීමට හෝ වළ කජු ගැසීමට යන බවක් නම් පෙනෙන්නට නැත. හැම දෙයක්ම වෙනසකට ලක්වී ඇත්තේය.

ඒ කොයි හැටි වුවද රජ කාලයේත් අපේ ඇත්තන් අවුරුදු සැමරූහ. බෞද්ධ විහාරවලදී කැඩපතකට වැටෙන බුදු පිලිම හිසේ ඡුායාව නාවනු ලැබුවේද අලූත් අවුරුදු කාලයේ දීය. මේ කාලයේදී නින්දගම්වල වෙසෙන නිළ පංගදුකාරයෝ ගම් හිමියා හමුවීමට පැමිණ ඔහුගේ වලව්ව අලූත්වැඩියා කිරීමේ කටයුතුවල යෙදෙති. විහාර දේවාල ගම්වල වෙසෙන්නෝද මේ පරිද්දෙන් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කරති. පෙරහැරවල සහභාගි වෙති. පාන් ගෙවල් ආදිය ඉදිකරති. බාලයෝ තම දෙමව්පියන් වෙත පැමිණ සියලූ වැරදිවලට සමාව අය ද සිටිති. රදළවරුද රජ ඉදිරියේ පෙනී සිටිති. අවසන් සිරිත පැවැත්වීමෙන් කෙළවර වන මුළු අවුරුදු උළෙලට දින කිහිපයක් ගත වේ. මේ කාලය තුළදී හැමදෙනම කෙළි සෙල්ලම් කරමින් කල්ගත කරති.

පැරැන්නෝ ගමේ අවුරුදු සැමරුවේ මෙහෙමයි
කොට්ටව රාළහාමි

රදළවරු ද සාමාන්‍ය වැසියන් ද මේ කාලය තුළදී රාජ්‍ය සේවයෙන් නිදහස්ය. ඒ විතරක් නොව නැකත එළඹීමට පෙර කිසිදු කාර්මිකයකදු නැවත වැඩ පටන්
නොගනියි. මෙය අතිශයින්ම දුෂ්කර කාලපරිච්ෙඡ්දයකි. කොපමණ ඉක්මන් කාර්යයක් එළඹ සිටි නමුදු මේ කාලයේ දී කිසිත් කළ නොහැක.

එදා අපේ පැරැන්නෝ අලූත් අවුරුද්ද සැමරුවේ මංගල්‍යයක් ආකාරයෙනි. නමුත් අද වන විට සියල්ල නවිකරණය වී ඇත්තේය. එදා අපේ ගැමියන් අවුරුදු සැමරූ ආකාරය පිළිබඳ බැඳී ඇත්තේ හරි අපූරු රසවත් කථාන්දරයන්ය කලාවිදු, කලාභදුෂණ, දේශශක්ති යන සම්මාන වලින් පිදුම් ලැබූ කොට්ටව සිරිසේන නැමති කලාකරුවා එදා අවුරුදු උත්සවය සැමරූ අයුරු අපට ඉතා රසවත් අයුරින් විස්තර කළේය. සිරිසේන රාළහාමිගේ දැන් වයස අවුරුදු අසූහතකි. එදා අවුරුදු සැමරූ අයුරු ඉතා රසවත් ලෙස කොට්ටව රාළහාමි ඔහුගේ වචනවලින්ම අපට විස්තර කළේය.

පැරැන්නෝ ගමේ අවුරුදු සැමරුවේ මෙහෙමයි

ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුණේ නැහැ අලූත් අවුරුද්දට මාස දෙක තුනකට කලින් අවුරුදු සීට්ටුව රැගෙන සීට්ටුකාරයා ගමට එනවා. සීට්ටුකාරයාට ගමේ අය සල්ලි දුන්නේ නැහැ. වී තමයි දුන්නේ. අවුරුද්දට කලින් වළංකාරයා, රෙදි පොට්ටනිකාරයා කරවල තුනපහ අරන් කත්කාරයා ගමට එනවා. ජාඩිකාරයා ජාඩි අරගෙන එනවා. ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ. මිනිස්සු කඩපිල් ගානේ ගියේ නැහැ. මේ අයට ගම්මුන් ද අවුරුදු තෑගි භෝග ලබා දෙනවා. ඒ කාලයේ ගමේ හැම ගැමි ගෙදරකම පාහේ රබානක් තිබුණා. අවුරුද්ද කිට්ටුවන විට ගාල්ලට ගිහින් තමයි රබානට අලූත් හමක් ගහගෙන එන්නේ. ගැමි කාන්තාවන් එකතුවෙලා රබන් පද කියමින් රබන් ගහනවා. රබානෙන් යම් කිසි පණිවුඩයක් දුන්නා. රබන් පදයෙන් තව කෙනකුට බැන වදින්න වුණත් පුළුවන්. දැන් නම් ගමක රබානක් දකින්නවත් නැහැ. ගෙවල් පිරිසිදු කිරීමත් කරන්නේ අවුරුද්ද කිට්ටුවන විට ඒ කාලයේ කටුමැටි ගහපු ගෙවල් තමයි වැඩිපුර තිබුණේ. ගම්මුන් සුදු හුණු ගෙනවිත් ගෙවල් දොරවල්වල හුණු ආලේප කරනවා. ඒ විතරක් නෙවෙයි වහලවල්වල පොල් අතු බැඳලා ළිං පිරිසිදු කරන්නෙත් මේ කාලයේ ගෙවල්වල ඇති කරන ගවයන් නාවලා පිරිසිදු කරලා ඔවුන්ට මල්මාල පවා දමන්න ගැමියන් පුරුදුවෙලා හිටියා. සෙක්කුවලින් තමයි ඒ කාලයේ තෙල් හින්දේ. ඹබර උන්චිල්ලා අවුරුදු කාලයට ජනප‍්‍රියයි. ලෑලි දෙකක් අරගෙන එකට තියලා බැදලා පුවක් පටි ගහලා තමයි ඹබර උන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවන් ඹබර උන්චිල්ලා පදිනවා. ඒ කාලයට ලණුවලට තියෙන ඉල්ලූම වැඩියි. ඇත්තටම ඒ කාලයේ කඹ වලින් සෑම ගෙදරකම පාහේ උන්චිල්ලා බඳිනවා. ගැමි තරුණියන් වාරං කියිමින් තමයි උන්චිලි පදිනවා. අලූත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා කජු අහුලන්න යන්නේ වවුල් පළවල්වලට ගම්වල වවුල් පළවල් තිබුණා. මාත් ගමේ කොළු ගැටවුත් එක්ක කජු ඇහිදින්න ගිහින් තියෙනවා. වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ ගොක්කොළ වලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා. ඇත්තටම ඒ කාලයේ අලූත් අවුරුද්ද කුඩා දරුවන්ට රජ මඟුදුලක් වගේ තමයි. අපේ ගෙවල් අසල කොට්ටව ගම්මානයේ ඇළක් තිබුණා. ඇළට පැනලා දිය බුන් ගහනවා. අවුරුදු උත්සවය තිබ්බේ මේ ඇළේ තොටුපොළ ළඟ. ජල කී‍්‍රඩා තමයි වැඩිපුරම තිබුණේ. චක්ගුඩු පැනීම, ඉපිල් පැනීම, ගුඩු පැනීම ගැමි දරුවන් කරපු ක‍්‍රීඩා තමයි. අලූත් අවුරුදු කාලයට පංචි දැමීම ඒ කාලයේ හැම ගෙදරකම සිදු කරන ක‍්‍රීඩාවක්. සල්ලිවලට තමයි පංචි දමන්නේ. නෙරෙංචි කෙලිය, ඔලිද සෙල්ලම, කැට ගැසීම, පොල් නෙලීම, චතුරාංග කෙලිය, අවුරුදු කාලයට එන ජන ක‍්‍රීඩා. මේ ක‍්‍රීඩා බක් මාසයත් සමග තමයි කරලියට එන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ කාලයේ ඇවිදීමේ තරගයක් තිබුණා. ගමේ තරුණ කොලූ ගැටව් තමයි මෙයට ඉදිරිපත් වුණේ.

අපේ ගමේ හිටියේ කරෝලිස් මුදලාලි කියලා කෙනෙක්. ඔහුට ගව පට්ටියක් තිබුණා. මේ තරගයෙන් ජය ගන්නා කෙනාට තෑගි වශයෙන් දුන්නේ හරක් බානක්. තිරික්කල රේස්ද අවුරුදු උත්සවවල තිබුණු ජනප‍්‍රිය ක‍්‍රීඩාවක්. තිරික්කලයට බඳින වෙනම ගොනකදු හිටියා. ඒ කාලයේ බොහෝ නිවෙස්වල තිරික්කලයක් තිබුණා. දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ. ඒ කාලයේ උණ බම්බුවලට භූමි තෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තදු කළේ.. අලූත් අවුරුද්ද කිට්ටුවන විට පැදුරුකාරයත් ගමට එනවා පැදුරු වියන්න පුළුවන්.

පැරැන්නෝ ගමේ අවුරුදු සැමරුවේ මෙහෙමයි

ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා. අලූත් පැදුරු දමලා ඒවායේ වාඩිවෙලා තමයි අවුරුදු කන්නේ. අවුරුදු කෑම මේසය පිළියෙල කරනවා. පසුව සාලයේ මැද පැදුරු එලනවා. පවුලේ අය පැදුරුවල වාඩිවෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කෑවේ. ගමේ ඉන්න වැඩිහිටි අයකදු තමයි ගේ අලෙවි කළේ.

ගම්මුන් ලෝභ නැති වැඩිහිටි අයකදුට කියලා ගේ අලෙවි කළා. වැඩ අල්ලන කොට ගෙදර කාන්තාව තමයි ළිඳත් සමඟ ගනුදෙනු කරන්නේ ඒ වගේම කිරි ගහක් කපනවා කොස්, දෙල්, වගේ ගස් පිහියකින් කපනවා කිරි වැක්කෙරෙන කම්. කුඩා දරුවන් වැඩිහිටියන් සමඟ කැවුම්, කොකිස් ඇතුළු කිරිබත් තැටි තමයි අසල්වැසි හා ඥාති ගෙවල් ගෙවල්වලට අරගෙන යන්නේ බුලත් දීලා වැඳ නමස්කාර කරනවා. ඇත්තටම ඒ කාලයේ අවුරුදු සීට්ටුකාරයා එන තෙක් තමයි ගැමි දරුවන් බලාගෙන ඉන්නේ. එදා ඉඳලා ගැමි දරුවන්ට අවුරුදු තමයි.

ගැහැනු අය ඇන්දේ කම්බාය, පිරිමි අය පට සරම නැති නම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ. ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත‍්‍රියට පත්තු කරලා තියෙන්නේ නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පලවල් වලින් දොඹ ඇට එකුදු කරලා දොඹ තෙල් එහෙමත් අරගෙන තියෙනවා. ගමන් බිමන් යන විට ලැන්තෑරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා. හෙලයේ මහාගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක කොග්ගල

ගංදූවේ ජොන් අයියාගේ නිවසේ අලූත් අවුරුද්ද සැමරූ අයුරුත් කොට්ටව රාළහාමි ඉතා රසවත් ලෙස විස්තර කළේය. වික‍්‍රමසිංහ මහත්තයා අපේ‍්‍රල් මාසයේ දිනක මට කොග්ගල ගෙදරට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. සිරිසේන අපි ටිකක් විනෝද වෙන්න ගංදූවේ පැත්තේ යමු කියලා කීවා. ඔහු හරි ආසයි ඔරු පදින්න. මාත් එක්ක තමයි යන්න කැමති. කොග්ගල ඔයේ සුරදියෙල් අයියාගේ ගෙදරට ගියා. අවුරුදු සංග‍්‍රහ තිබුණා. අල බතල, ඉස්සෝ, කකුළුවෝ, කුරක්කන් තලපා කාලා අපි ආවා. වික‍්‍රමසිංහ මහත්තයා මට කමිසයක්ද තෑගි දුන්නා යැයි ද කොට්ටව රාළහාමි කීවේය.

එහෙත් අලූත් අවුරුදු කාලයට ගමේ තිබූ ගැමි සුන්දරත්වය අද වියකී ගොසිනි. අද සියල්ල වෙනසකට ලක්ව ඇත්තේය. කොටින්ම කිවහොත් අපේ ඇත්තන් විසින් අලූත් අවුරුද්දත් නවීකරණය කරගෙන ඇත්තේය. මේ දිනවල අලූත් අවුරුද්ද සැමරීම සඳහා මුළු රටම සූදානම් වෙමින් සිටිති. ජනී ජනයාගෙන් වෙළෙඳසල් පිරී ඉතිරී ගොස් ඇත. ඒ කොයි හැටි වුවද අපේ අලූත් අවුරුද්ද ව්‍යාපාරිකයන් විසින් එය වාණිජ්‍යකරණයට ලක්කොට ඇති බව කිව යුතුය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment