පැරිස් ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් සාමාජිකයකු දිවි ඇති තෙක් සිරගෙට

238

වසර හයහමාරකට පමණ පෙර ප්‍රංශයේ පැරිස් නගරයේ 130 දෙනකුට මරු කැඳවමින් වෙඩි හා බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි අයිසිස් සංවිධානයේ සාමාජිකයකු වන සැකකරුවකුට ත්‍රස්තවාදී හා මිනීමැරුම් චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කිරීමට ප්‍රංශ අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ සිදු වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සේ සැලකෙන 2015 වසරේ නොවැම්බර් 13 වැනිදා පැරිස් නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි හා බෝම්බ ප්‍රහාරයන්ට වගකිවයුතු බව තහවුරු කරමින් සලා අබ්දෙස් ස්ලාම් නමැත්තාට මෙසේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කිරීමට පැරිස් නගරයේ අධිකරණයක් ක්‍රියා කර තිබේ.

අදාළ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසෙන් ජීවතුන් අතර සිටින එකම තැනැත්තා අබ්දෙස් ස්ලාම් වන අතර ඔහුට එරෙහිව පැරිස් නගරයේ අධිකරණයේ පැවති නඩු විභාගය නූතන ප්‍රංශ ඉතිහාසයේ පැවැති විශාලතම නඩු විභාගය සේ සැලකේ. ඉකුත් සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ මෙම නඩු විභාගයේ තීන්දුවට අනුව තවත් පුද්ගලයන් 19 දෙනෙකුට අදාළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එම පුද්ගලයන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ජීවතුන් අතර නොමැති බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment