පැලවත්ත සහ සෙවණගල කෝටි 70 ක් ගිලලාලු

258

විගණනයෙන් හෙළිවෙයි

සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාගමකින් දැවිතෙල් වෙනුවට කළුතෙල් මිලදී ගැනීමකින් 2021- 2022 අතර වසරක කාලයේ දී සීනි සමාගමට අහිමි වී තිබෙන මුදල රුපියල් කෝටි හැත්තෑවකට අධික බව රජයේ විගණකාධිපතිවරයා කළ විශේෂ විගණනයක දී හෙළි වී තිබේ.

2020 වසර වනතුරුම මෙම බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් මෙරබ්ජැ දසක ලබාගෙන තිබුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙනි. නමුත් 2020 ජුනි සිට 2022 අගෝස්තු දක්වා දැවිතෙල් සැපයුම සමාගමට මෙලෙස ලබාදී ඇතැයි විගණනයේ දී තහවුරු වී ඇත. 2020 වසරේ දී සීනි සමාගමේ සභාපති තනතුරට පත්වූ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය එම තීරණය ගෙන ඇත.

දැවිතෙල් සැපයුම අදාළ සමාගමට පැවරීමේ ගිවිසුමට අනුව ඒ වනවිට දැවිතෙල් ලීටරයක මිල රුපියල් 96ක්ව පැවැති අතර අදාළ ප්‍රසම්පාදනය යටතේ මෙකී සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ දැවිතෙල් ලීටරයක් රුපියල් 94.75ට ලබාදෙන බවට ගිවිසුම් ගතවෙමිනි. අදාළ සමාගම දැවිතෙල් මෙරබ්ජැ දසක වෙනුවට නෞකාවලින් ඉවත් කරන කළුතෙල් ඊක්ජන දසක සැපයීම නිසා බොයිලේරු අක්‍රියවීම නිසා අවම වශයෙන් එතනෝල් ලීටර් හයලක්‍ෂයක්වත් නිපදවාගත නොහැකි වීමෙන් ඉන් සමාගමට අවම වශයෙන් රුපියල් කෝටි 30 ක (මිලියන 300) පමණ පාඩුවක් සිදුවී ඇතැයි රජයේ විගණන වාර්තාව් සඳහන්ය. මීට අමතරව මෙම ගනුදෙනුව නිසා තවත් රුපියල් කෝටි හතළිහක පාඩුවක් සීනි සමාගමට සිදුව ඇත.

කළුතෙල් සඳහා වෙළෙඳ පොළේ කිසිදු වටිනාකමක් නොමැති අතර ඒවා දැව ආරක්‍ෂාව සඳහා භාවිත කරන පිච්චී ගිය තෙල් බවද විගණනයේ දී අනාවරණය වී ඇත.

මෙම දූෂිත ගනුදෙනුව මගින් සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසකට අදාළ සමාගමෙන් කොමිස් මුදල් ලබාදෙන බව කියමින් සීනි සමාගම් සේවකයින් රජයේ විගණකාධිපතිවරයා වෙත ලිඛිතව මේ බව පැමිණිලි කර ඇත. ඒ අතර සභාපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ද සිදුකර තිබිණි.

ඒ අනුව විගණකාධිපතිවරයා විසින් ඌව පළාත ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්. ජී. හෙට්ටිආරච්චි මහතා වෙත එම විගණනය පවරා දී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

උක් අඹරණ කාලයේ දී බොයිලේරු මගින් උණුසුම් වාෂ්පීකරණ තාප ශක්තියෙන් එතනෝල් නිෂ්පාදනය වන අතර දැවිතෙල් අවශ්‍ය වන්නේ උක් ඇඹරීම නොකරන කාලයේදී ය. ඒ අනුව අදාළ සමාගමට කළුතෙල් සැපයීමට ඉඩ දෙමින් උක් අඹරණ කාලයේදීත් දින 83 ක කාලයක් නළ පද්ධතිය අක්‍රීය කර රුපියල් පන්කෝටි අසූතුන් ලක්‍ෂ තිස්හය දහස් හැටපහක මූල්‍යමය පාඩුවක් සීනි සමාගමට සිදුවන ලෙස කටයුතු කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්ය.

සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස සේවක උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ පසු සේවකයින්ට වසරකට හය වරක් බෝනස් (ප්‍රසාද දීමනා) ලබාදීමට සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මීට අමතරව අදාළ කළුතෙල් සැපයුම කළ සමාගම මගින් යාන්ත්‍රික් ඉංජිනේරුවන් පස් හයදෙනකු සීනි සමාගමට අනුයුක්තව සේවයේ යොදා ඇතැයි ද විගණනයේ දී හෙළි වී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment