පැල්මඩුල්ලේ නීතිඥවරියගේ මරණය අභිරහසක්!

582

පහරදීමක් ගැන එස්.එම්.එස් එකක්… ගෙදර බඩුත් විසිරිලා

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සැක සහිත මරණය ගැන පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පැල්මඩුල්ල සහ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණවල නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන කාමරයේ නිදන ඇඳ මත ඊයේ උදෑසන තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

නීතිඥවරියගේ සැමියා 30 වැනිදා රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ. මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන මෙහෙකාර කාන්තාවකගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇත. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය. එහිදී ප්‍රදේශවාසී කාන්තාවක් ද මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දුන්නාය.

පැල්මඩුල්ලේ නීතිඥවරියගේ මරණය අභිරහසක්!

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දී ඇත. එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් 30 වැනිදා රාත්‍රි යොමුකරන ලද ජංගම දුරකථන කෙටි පණිවිඩයක් ගැන ද පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඇයට සිදුවූ පහරදීමක් ගැන තොරතුරු එම කෙටි පණිවිඩයේ සඳහන් බව පොලිසිය පවසයි. ඒ ඔස්සේ ද පරීක්ෂණ පැවැත්වෙයි. නිවසේ බඩු මුට්ටු කීපයක් විසිරී තිබූ බව මෙහෙකාරිය පොලිසියට පවසා තිබේ.

නීතිඥවරියගේ සිරුර ඊයේ (31 දා) දහවල් අධිකරණ වෙද්‍ය පරීක්ෂණය සඳහා කහවත්ත මූලික රෝහලට රැගෙන එනු ලැබූ අතර එහිදී ලැබෙන නිගමනය අනුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment