පැල්වත්ත සීනි කම්හල 2022 ඉලක්ක සපුරයි!

174

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත කර්මාන්තායතනය 2022 තුළදී සිය නිෂ්පාදන ඉලක්කයන් සපුරා ඇතැයි පාලනාධිකාරිය පවසයි.

එම වර්ෂය තුළදී වූ උක් ගස් මෙට්‍රික්‌ ටොන් හාරලක්ෂ හැත්තෑහතර දහසක් අඹරා ඇති අතර සීනි මෙට්‍රික්‌ ටොන් විසිහතරදහස් එකසියදහයක් සහ එතනෝල් ලීටර් හැත්තෑඅටලක්ෂ අසූහයදහස් දෙසීය හතළිස්හතක් නිෂ්පාදනය කර ඇත.

සීනි කිලෝවක මිල රුපියල් අසූහයේ සිට තුන්සියය දක්වා ඉහළ යෑමත්, එතනෝල් ලීටරයක් රුපියල් තුන්සියපනහේ සිට එක්දහස්විසිපහ දක්වා වැඩිවීම නිසාත් පැල්වත්ත සීනි කර්මාන්තායතනය 2022 වර්ෂයේ විශාල ලාභයක් ලබා ඇත. ආයතනයේ ස්ථිර අනියම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවක සේවිකාවන් 4,500 ක් පමණ සේවය කරන අතර ගොවීහු 5,500 ක් පමණ උක්ගස් සපයනු ලබයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment