පැල් රැකලා එද්දී අලියා ගහලා ගොවියා ජීවිතක්ෂයට

55

රැය පහන් වන තුරු පැල් රකිමින් සිට හිමිදිරියේ නිවසට එමින් සිටි ගොවියකු වල් අලි ප්‍රහාරයකට ගොදුරු වී මිය ගොස් ඇති පුවතක් මැදවච්චිය කුඩා හම්මිල්ලෑව ගම්මානයෙන් වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හල්මිල්ලෑව පූනෑව මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි ඩිංගිරි බණ්ඩාගේ ජයවර්ධන නැමැති 73 හැවැරිදි තිදරු පියෙකි.

මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසු යැයි වැකියකට පමණක් සීමා වී කියවෙන මෙරට ගොවීන් දිනෙන් දින උග්‍රවන, වල් අලි ගැටලුවෙන් මේ වනවිට දැඩිව පීඩා විඳිමින් සිටිති. කොතෙකුත් බලධාරින් මේ පිළිබඳව දැනුවත් කළ ද නිසි විසඳුමක් නොමැති මෙම වල්අලි ගැටලුවෙන් තවත් අහිංසක, මෙරටට බත දුන් ගොවිමහතෙකු රටට අහිමි විය.

ඊයේ (30) උදෑසන 5.30 පමණ මෙම ගොවි මහතා පැලේ සිට නිවස කරා පැමිණ ඇත. තමාගේ කුඹුරු යාය පසු කරමින් වෙල් යාය හරහා තිබූ බොරළු අතුරා වළවල් සහිත මාර්ගයේ මීටර් 200 ක් පමණ ඉදිරියට පැමිණි ජයවර්ධන ගොවි මහතාට වල්අලියා එම මාර්ගයේ සිට හමුවී ඇත. එහිදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට මෙම ගොවිමහතාට සිදුව ඇත. අනතුර වාර්තා වූ සැණින් එම ස්ථානයට ගිය අපහට ද රටට බත දුන් මෙම ගොවි මහතාට වල්අලියා විසින් පහර දී පාගා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment