පැල සිටුවීමේ චාරිත්‍රය සමගින් සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද සමරමු

45

මෙවර සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද උදාවන්නේ මුළුමහත් ශ්‍රී ලංකාවටම අභියෝගාත්මක කාලයකදීයි. ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී කාල සීමාවක් හරහා අප සියලු‍ දෙනා ගමන් කරමින් සිටිනවා. කෝවිඩ්-19 වසංගතය ප්‍රමුඛ ජාතික හා අන්තර්ජාතික බලපෑම්හි ප්‍රතිපලයක් ලෙස ඇතිවූ මේ මහා වියවුල තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනයවන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ස්ථාවරව හා අනාගතය දෙසට ධනාත්මක චින්තනයකින් යුතුව ගමන් කරන බව ඔබ සැමට පසක් කර සිටින්නේ සතුටින්.

සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද ඔබ අප සැම සිත්වලට ගෙන එන නැවුම් ප්‍රබෝධවත් සිතිවිලි නිරන්තරයෙන් මුමුණන්නේ අදට වඩා හෙට හොඳ දවසක්වනු ඇති බවයි. එකී බලාපොරොත්තුව සමගින් අප ආදරණිය ගනුදෙනුකරුවන් වෙත මේ අලු‍ත් අවුරුද්දේත් නව මුහුණුවරකින් යුතු නැකත් චාරිත්‍රයක් හඳුන්වාදීමටත් අප බලාපොරොත්තුවනවා. ‘පැල සිටුවීමේ නැකත‘ ලෙස අරුත් ගන්වා ඇති මෙම චාරිත්‍රය කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව පසුගිය වසරේ මෙන්ම මෙවරත් ශ්‍රී ලංකාව පුරා ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා 262ක් මගින් 2023 අප්‍රේල් 17දින උදෑසන අපත් සමග මුදල් ඉතිරි කරන ගනුදෙනුකරුවන් වෙත කෘෂි ආර්ථික වටිනාකමකින් යුතු භෝග පැල බෙදා දෙනු ලැබීය. මෙහි සමාරම්භය සනිටුහන් කිරීම ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යධිකාරී අජිත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ගාමිණී ලක්ෂ්මන් මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු එම ආයතනයන්හි ඉහළ කළමනාකාරීත්වයේත් ගෞරවනීය ගනුදෙනුකාරභවතුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment