පැවිදි දිවියේ ස්වර්ණ ජුබිලිය සමරන මේරි රීටා කන්‍යා සොහොයුරිය

434

කහඳවල ගමගේ දෝන මේරි ඇග්නස් රීටා, 1971 වර්ෂයේදී කොල්ලූපිටිය ජේසු බිළිඳා කන්‍යා සොහොයුරි මූලස්ථානයේදී අවසන් වරට දිවුරුම් දී මුදුව පළඳා මේරි ඇග්නස් කන්‍යා සොහොයුරිය ලෙස පැවිදි ජීවිතය ආරම්භ කළාය. 2021 වර්ෂයට එතුමියගේ පැවිදි ජීවිතයට වසර 50 ක් සම්පූර්ණවීමේ ස්වර්ණ ජයන්තිය යෙදී තිබේ. ඒ මහෝත්සවය වෙනුවෙන් රාගම කුරුකුලාවේ එතුමිය ප‍්‍රථම වරට පැවිදි දිවිය ආරම්භ කළ ‘සුරදූත. කන්‍යාරාමයේදී තෝරාගත් විශේෂිත පුද්ගලයන් ස්වල්ප දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොරෝනා වසංගත සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් දෙසැම්බර් 4 දින පෙරවරුවේ

ගහම්භීර චාම් උත්සවයක් පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර තිබේ.

ඇය

දිප්පිටිගොඩ ෆාතිමා දෙව්මැඳුරට නුදුරින් පිහිටි නිවසක පදිංචි වූ රීටානම් ඇය කුඩා අවධියේ සිට භක්තිමත් ජීවත්ව වූවාය.
මෙම දැරියගේ එකම ප‍්‍රාර්ථනාව වූයේ කවදා හෝ දවසක කන්‍යා සොහොයුරියක් වීමය. එය අප ඉතා හොඳාකාරව දන්නේ

එම යුගයේදී අප දිප්පිටිගොඩ පදිංචිකරුවෝ වීමය. අප ද කුඩා අවධියේ සිට හැදි වැඩුණේ අපේ දිප්පිටිගොඩ ගමේය.

කුඩා අවධියේ සිට එකම ප‍්‍රාර්ථනාවකින් යුතුව ජීවිතය ගත කරනු ලැබුවොත් එම ප‍්‍රාර්ථනා ඉටු වෙන බව
රීටා තම පවුලේ සමාජිකයින් ට පමණක් නොව එදා අපට ද ඇය එසේ පවසා තිබූ බව අපට යම්තකට මතකය.

රීටා දැරිය එදා වැඩිපුර පොත්පත් කියෙව්වාය. මෙම පොත්පත් අතර කතෝලික පොත්වලට අමතරව ඥානාර්ථ ප‍්‍රදීපය
අකුරක් නෑරම ඇය කියෙව්වාය. කල්යත්ම රීටා දැරියගේ බලාපොරොත්තුව ඒ ආකාරයට ම ඉටු වූ අතර ඇය පැවිදි ජීවිතයට ඇතුළත් වීමේ භාග්‍ය උදා වී තිබේ.
ඇය පැවිදි ජීවිතයට ඇතුළත් වී වසර 50ක් සමරන ජුබිලි උත්සවයට ‘‘දිවයින දෙව්මැඳුර’’ පිටුව තුළින් සුබපැතුම් අපි එක්කරමු.
වරම් පැතූ තවත් කිහිපදෙනකුට ඒ අවස්ථාවත් ගිලීහිගොස් තිබිණි.

දිප්පිටිගොඩ සුන්දර ගම්මානයක පිහිටි ෆාතිමා දෙව්මැඳුරේ එතුමියගේ ආශිර්වාදය ලැබූ කිතුනු දූ දරුවන් කීපදෙනෙකුම මෙසේ පැවැදි දිවියට එක් වී ඇත.

නෝමන් පලිහවඩන

කැලණියේ දිප්පිටිගොඩ පාතිමා දෙව්මැදුරේ මීසමේ අන්නම්වරයකු ලෙස සේවය කළ නැසීගිය සෙබස්තියන් කහඳවල මැතිතුමා ඇයගේ සෙනෙහෙබර පියා වන අතර දරුවන් දොළොස් දෙනෙකු මෙලොවට බිහි කළ වීර මාතාවක් වූ නැසීගිය මේරි තෙරේසා ඔලිවර් මහත්මිය ඇයගේ ආදරණීය මව්තුමිය වේ.

දෝන මේරි රීටා එම පවුලේ වැඩිමහල් දියණිය වූ අතර දරු දොළොස් දෙනෙකු හදා වඩා ගැනීමේ අභියෝගයට තම මවට මුහුණදීමට ශක්තිය ඇය ලබා දුන්නාය. දිප්පිටිගොඩ කතෝලික පාසලක් ආරම්භ කිරීමට ඇය දායකත්වය ලබාදී ඇත. ඉන්පසුව දලූගම රෝමානු කතෝලික කුමරි විද්‍යාලයේ ඇය ඉගෙනීම ලබා ඇත. එම විද්‍යාලය පාලනය කළ කන්‍යා මව්තුමිය ප‍්‍රමුඛ කන්‍යා සොහොයුරියන්ගේ ජීවිත, ආදරය, කරුණාව, ඇඳුම හා දහමට ඇති ලැදියාව කුඩා අවදියේ සිට ඇය සිත් සතන් ඇද බැඳ ගැනීම ඇයගේ පැවිදි ජීවිතයට පෙළඹවීමක් වූ බව ඇය පවසා සිටින්නීය.

අවසන් ප‍්‍රතිඥා දීමෙන් පසුව මෙම කන්‍යා සොහොයුරිය රාගම, තුරුතුලාව, ගනේගම, මහයියාව, නුවරඑළිය, ඉඳිබැද්ද, ඒකල, ඇතුල්කෝට්ටේ හා වර්තමානයේ රක්වාන යන ප‍්‍රදේශවල වූ සූරදූත කන්‍යාරාමවල විශිෂ්ට සේවාවක් ඉටු කරයි.

එතුමිය පුරා වසර දෙකක් ඔස්ටේ‍්‍රලියාවේ දයා සේවාවේද නිරත වී තිබේ. දිප්පිටිගොඩ ග‍්‍රාමයෙන් කාර්මේල් නිකායේ (මිනිස්වාසයෙන් තොර) කන්‍යා සොහොයුරිය වූ අයිරින් පළිහවඩන කන්‍යා සොහොයුරියගෙන් පසුව කන්‍යා සොහොයුරිය මේ මේරි ඇග්නස් කන්‍යා සොහොයුරිය වේ.

දෙව් මහෝත්මයාණන්ගෙන් සුරැකීම සෙනෙහෙවන්තව අනාගත දරුවන්ට මව් සෙනෙහස ලබාදෙමින් රැකබලා ගැනීම, රෝගීන්ට දිව්‍ය සප‍්‍රසාද වහන්සේ ප‍්‍රදානය කිරීම, දරුවන්ට දහම් දැනුම ලබාදීම සාර්ථක ගෙවතු වගාව හා සත්ව පාලනය රක්වාන ප‍්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු පවුල්වලට ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම ආදී තලෙන්තු මෙතුමියට ලැබී තිබේ. ඇයගේ මෙම සේවය වෙස්වලාගෙන පැමිණි දේව ආශීර්වාදයකි. අපි ඇයට දිර්ඝායුෂ, නිරේගී ශරීර සෞඛ්‍ය, දේවාශීර්වාදය මේ මොහොතේ ප‍්‍රාර්ථනා කරමු.

හැඳල ඇලකන්ද විශේෂ ජූලියන් ගුණවර්ධන

පැවිදි දිවියේ ස්වර්ණ ජුබිලිය සමරන මේරි රීටා කන්‍යා සොහොයුරිය
advertistmentadvertistment
advertistmentadvertistment