පැහැරගත් සිසුවාට නිරුවත් කර පහරදුන් ගම්පොළ තරුණයෝ හයදෙනා රිමාන්ඞ්

808

වයස අවුරුදු දාහතක සිසුවකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පාළු නිවසක දී නිරුවත්කොට අත පය ගැටගසා ඔහුට පහරදුන් තරුණයන් 6 දෙනකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ශිනිත් විජේසේකර මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවූයේ ගම්පොළ ඉල්ල වතුර ඇතුළු නගරය අවට පදිංචිකරුවන් හය දෙනෙකි. මොවුන් අවුරුදු 25 – 30 අතර වයසේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 7 ක දරුවෙකුට සිදු වූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් මෙම දාහත් හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් තිබූ බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.

මෙම අතවරයට පත් දරුවාගේ පියා මාලදිවයිනේ

රැුකියාවක නියුතු අතර ඔහු විසින් මෙම සිද්ධිය ඉල්ල වතුර අයිමා (සහප්* හෙවත් ‘‘ඉල්ල වතුර තරුණ මුස්ලිම් සංගමය” වෙත දැනුම් දී තිබේ.

මෙම පියා ද එම සංවිධානයේ සාමාජිකයකු වන අතර ඔහු පවසා ඇත්තේ නීති විරෝධී හා වැරදි ක‍්‍රියා සම්බන්ධයෙන් මෙම සංවිධානය මැදිහත් වන නිසා මෙම අතවර ක‍්‍රියාව එම සංවිධානයට පැවසූ බවයි.

මෙම ළමා ලිංගික හිංසනය පොලිසියට නොදන්වා එම සංවිධානය වෙත පැවසීම නිසා එහි තරුණයන්

6 දෙනෙකු මෙම දාහත් හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඇතැයි ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය.

හත් හැවිරිදි දරුවාට සිදුවූ ලිංගික අතවරය පිළිබඳව ද පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරී කමල් ආරියවංශ,

ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලක්සිරි ප‍්‍රනාන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. කපිල බණ්ඩාර, පො.ප. ජයන්ත, පො.සැ. වරුන් වන බණ්ඩාර හා රෝහිත යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment