පැහැරගෙන ගිය එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවේ – මහණ කිරීමට උත්සහ කළ නිසා දරුවා බියට පත්වී ඉඳලා

804

සැකකාර විදුලි කාර්මිකයා ඇතුළු රැකවරණය දුන් අය 26 තෙක් රිමාන්ඩ්

දින කීපයක් තිස්සේ අතුරුදන්ව සිටි එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි කේ. ඒ. දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති පිරිමි දරුවා දෙමව්පියන්ගේ සහ වෙනත් භාරකරුවකුගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීමේ චෝදනාව මත නුවරඑළිය රිකිල්ලගස්කඩ ජෝන්ස්ලන් වතුයායේ නිවසකදී එප්පාවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා සහ ඔහුට සහ දරුවාට තම නිවසේ රැඳී සිටීමට රැකවරණය සහ ආධාර අනුබල දුන් බව කියන එම නිවසේ හිමිකරු වන රිකිල්ලගස්කඩ නගර සභාවේ සේවයෙහි නියුතු රියැදුරකු ලබන ජනවාරි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට තඹුත්තේගම මහෙස්ත්‍රාත් එම්. එල්. නුවන් කෞශල්‍ය මහතා පෙරේදා (24) නියෝග කළේය.

පැහැරගෙන ගිය එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවේ - මහණ කිරීමට උත්සහ කළ නිසා දරුවා බියට පත්වී ඉඳලා

එප්පාවල පොලිසිය සැකකරුවන් දෙදෙනා සහ අතුරුදන්ව සිටි දරුවා අදාළ නිවසේදී පෙරේදා (24) අලුයම 1.00 ට පමණ අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මේ අතර අතුරුදන්වීමෙන් අනතුරුව සැකකරු භාරයේ සිටි කේ. ඒ. දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති පිරිමි දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඒ පිළබඳව වෛද්‍ය වාර්තාවක් අධිකරණය හමුවට කැඳවන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාට නියෝග කළේය.

පැහැරගෙන ගිය එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවේ - මහණ කිරීමට උත්සහ කළ නිසා දරුවා බියට පත්වී ඉඳලා

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන අංක විසි දෙකේ කණුව තලාව පාර කැකිරාව ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියකු වන හතළිස් පස් හැවිරිදි අස්වැද්දුමගේ අසේල ප්‍රියන්ත ප්‍රනාන්දු සහ නුවරඑළිය රිකිල්ලගස්කඩ ජෝන්ස්ලන්වතුයායේ පදිංචි රිකිල්ලගස්කඩ නගර සභාවේ සේවයෙහි නියුතු රියැදුරකු වන හතළිස් දෙහැවිරිදි අමිල සම්පත් කුමාර නානායක්කාර සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැහැරගෙන ගිය එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවේ - මහණ කිරීමට උත්සහ කළ නිසා දරුවා බියට පත්වී ඉඳලා

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටි එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතා දරුවා රැගෙන ගොස් රඳවා තබාගෙන සිටි සැකකරුට අයත් ජංගම දුරකථනයේ තිබී එම දරුවාගේ සහ තවත් පිරිමි දරුවන් කීප දෙනකුගේ ඡායාරුප කීපයක් විමර්ශනවලදී හමුවූ බව ප්‍රකාශ කළේය.

පැහැරගෙන ගිය එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවේ - මහණ කිරීමට උත්සහ කළ නිසා දරුවා බියට පත්වී ඉඳලා

එම ඡායාරූප කවුරුන්ගේද යන්න පිළිබඳව හා එම ඡායාරූප ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳවත් ඒවා කුමක් අරමුණු කරගෙන සැකකරු සන්තකයේ තබා ගෙන සිටියේද යන්න පිළිබඳවත් අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.

මේ අතර එම දරුවා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යන බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද එම දරුවා සැකකරු සමග නිවසින් පිටවයෑමට දරුවාගේ පවුල් පසුබිම හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයෙහි නියුතු දරුවාගේ පියා සහ මව සිය දරුවා පැවිදි කිරීමේ උත්සාහයක නිරතව සිට ඇති බවත් ඒ අනුව පියා නිවාඩු ලබා පැමිණීමෙන් පසු ස්ථීර වශයෙන්ම දරුවා පැවිදි කිරීමට අවශ්‍ය කටයුතු කර තිබූ බැවින් ඒ පිළිබඳව තිබෙන අකමැත්ත සහ ඉන් භීතියට පත්ව සිටි දරුවා ඉකුත් 19 වෙනිදා රාත්‍රී සැකකරු ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස දිව ගොස් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නැග සැකකරු සමග නිවසින් පිටත්ව ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

යුද හමුදා කඳවුරේ සේවයට ගොස් සිටි පියා සමග කතා කිරීමට නොහැකිවන ලෙසට මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිය ජංගම දුරකථනයෙන් දරුවාට කතා කිරීමට නොහැකිවන ලෙසට එය අවහිර කොට තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

මේ අතර දරුවා මෙසේ සැකකරු සමග පිටත්ව යෑමට දරුවාගේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් භාවය හේතු වී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

දරුවාගේ මව පොලිසියට කළ පැමිණිල්ල අනුව සිදු කළ පරීක්ෂණ වලදී විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරු ද පොලිසිය පළමුව අනාවරණය කර ගෙන ඇත. ඒ අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම රාත්‍රියේ (19දා) නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැඳී සිට පසුදින (20දා) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට අනාවරණය කර ගෙන තිබිණි. ඒ අනුව පොලිස් කණ්ඩායම් කීපයක් දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර, 23 වැනිදා පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගෙන දරුවා හා දරුවා පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් ඉන්නා බවයි. තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවද සැකකාර විදුලි කාර්මික ශිල්පියා දරුවාගේ මවට පවසා ඇත.

කෙසේ වෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැඳී සිටින බව පැවසුවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැඳී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන් අත්අඩංගුවට

ගැනීමට කටයුතු කර ඇත. දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රිරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙම දරුවාට හා දරුවා පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමට උදව් උපකාර කළ නිවසේ හිමිකරු ද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

දරුවා රඳවා ගෙන සිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා, මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි බවත්, ඒ හිතවත්කම මත මීට පෙරද නිවසට පැමිණි බවත්, පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැඳී සිට, පසු දින (21දා) ඔවුන් තමන්ගේ නිවසට පැමිණ එම දරුවා තමන්ගේ දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බවද පොලිසියට ප්‍රකාශ කර ඇත. තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දිනවල සිදු කළ බවත් ඔහු පොලිසියට පවසා තිබිණි.

සැකකරු වෙනුවෙන් කිසිදු නිතීඥ ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියක් විය. අධිකරණ නියෝගය මත රෝහල්ගත කළ දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන තෙක් මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අතුරුදන්ව සිටි දරුවා සහ සැකකරු සොයා එප්පාවල පොලිස් ස්ථානයේ විමර්ශන කණ්ඩායම් තුනක් දිවා රාත්‍රී වෙහෙසවී සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අනුව දරුවා දින කීපයක් තුළ සොයා ගැනීමට හැකිවූ බව එප්පාවල පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජේ. පුෂ්පකුමාර සහ අනුරාධපුර පොලිස් අධිකාරි (111) නාමල් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පවත්වති.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, එප්පාවල-තිසර සමල්, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment