‘පැළ සිටුවීමේ චාරිත්‍රය’ සමගින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමු

88

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන්නේ මුළුමහත් ශ්‍රී ලංකාවටම අභියෝගාත්මක කාලයකදීයි. ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී කාලසීමාවක් හරහා අප සියලු දෙනා ගමන් කරමින් සිටිනවා. කොවිඩ්-19 වසංගතය ප්‍රමුඛ ජාතික හා අන්තර්ජාතික බලපෑම්හි ප්‍රතිපලයක් ලෙස ඇතිවූ මේ මහා වියවුල තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ස්ථාවරව හා අනාගතය දෙසට ධනාත්මක චින්තනයකින් යුතුව ගමන් කරන බව ඔබ සැමට පසක් කර සිටින්නේ සතුටින්.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ අප සැම සිත්වලට ගෙන එන නැවුම් ප්‍රබෝධවත් සිතිවිලි නිරන්තරයෙන් මුමුණන්නේ අදට වඩා හෙට හොඳ දවසක්වනු ඇති බවයි. එකී බලාපොරොත්තුව සමගින් අප ආදරණීය ගනුදෙනුකරුවන් වෙත මේ අලුත් අවුරුද්දේත් නව මුහුණුවරකින් යුතු නැකත් චාරිත්‍රයක් හඳුන්වාදීමටත් අප බලාපොරොත්තුවනවා. ‘පැළ සිටුවීමේ නැකත’ ලෙස අරුත් ගන්වා ඇති මෙම චාරිත්‍රය කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව පසුගිය වසරේ මෙන්ම මෙවරත් ශ්‍රී ලංකාව පුරා ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා 262ක් මගින් 2023 අප්‍රේල් 17 දින උදෑසන අපත් සමග මුදල් ඉතිරි කරන ගනුදෙනුකරුවන් වෙත කෘෂි ආර්ථික වටිනාකමකින් යුතු භෝග පැළ බෙදා දීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙහි සමාරම්භය සනිටුහන් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී අජිත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයන්හි ඉහළ කළමනාකාරීත්වයේත් ගෞරවනීය ගනුදෙනුකාරභවතුන්ගේ සහභාගීත්වයෙන් එදින උදෑසන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රාශියක් ඉතිහාසය පුරා අප රටේ ඉදිරි පරපුර වෙනුවෙන් දියත් කර ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙකී ව්‍යාපෘති මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන්හට තම ගෙවත්ත තුළින් ආදායමක් ලබා ගැනීමට හා එතුළින් මානසික සතුටක් ලබා ගැනීමටත් අවස්ථාව සලසා දී තිබෙනවා.

‘පැළ සිටුවීමේ චාරිත්‍රය’ සමගින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමු

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉතිරිකිරීමේ හා සකසුරුවමෙහි මුල මැද අග මනාව හඳුනාගත් අප බැංකුව ගම් නියම්ගම් නගර පුරා මෙන්ම ගෝලීයකරණය හා අන්තර්ජාලය තුළින් ලෝකයේ සිව්කොනේ ඕනෑම අපගේ ගනුදෙනුකරුවකු වෙත මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට සමත්ව තිබෙනවා.

සොබාදම් මව මනුෂ්‍ය සංහතිය වෙත සෑම මොහොතකම මතක් කර සිටින්නේ පෘථිවිවාසී සියලුම ජීවීන් මිනිසාගේ යහපැවැත්ම කෙරෙහි සෘජුව හෝ වක්‍රව දායක වන බවත් එම එක් ජීවී විශේෂයක් වෙත හෝ තර්ජනයක් එල්ල වන්නේ නම් එය මුළුමහත් ලෝකයේම තුලනය කෙරෙහි බලපාන බවත්ය.

වසර අවුරුදු බිලියන 4.5කට අධික කාලයක් මුළුල්ලේ භෞතික හා රසායනික විද්‍යාත්මක පරිවර්තනයන්ට හා ජෛව විද්‍යාත්මක පරිණාමනයට ලක්වූ අප පෘථිවිය ක්ෂීර පථයේ (Milkey way galaxy) මෙන්ම මිනිසා එතෙක් මෙතෙක් සොයාගත් ග්‍රහලෝකයන් අතර ජීවයට සුදුසුම මෙන්ම ජීවීන් සහිත ග්‍රහයායි. වර්තමානයේ ඔබ හා මම අයත්වන හොමෝ සේපියන්ස් (Homo sapiens) මානවයාගේ මුල්ම මුතුන්මිත්තන් මිහිමත පරිණාමනය වූයේද අදින් වසර ලක්ෂ 2ක් වැනි කෙටි කාලයකිනි. එයින්ද ආචාරශිලී මානව ශිෂ්ටාචාරයක් (civilization) බිහිවන්නේ අදට වසර 6,000ක පමණ ඉහත කාලයකදීයි. ඉතිහාසඥයින්ගේ හා මානව විද්‍යාඥයින්ට අනුව ආදි මානවයන් තම මස්තිෂ්කය වෙහෙසවමින් සිය අවශ්‍යතාවයන් සඳහා බාහිර පරිසරය වෙනස් කිරීමට පටන් ගත් දින සිට, ගින්දර සොයා ගැනීම සහ ගොවිතැන් කිරීමට පෙළඹීමත් සමග පරිසරය හා මිනිසා අතර සමතුලනය වෙනස්වීම ආරම්භ විය. වර්ෂ 1800දී පමණ කාර්මීකරණයට (industrialization ) ලක්වීමත් සමග පරිසරය හා එහි ජීවීන්ගේ අයිතීන් උදුරා දමමින් මිනිසා සිය ආත්මාර්ථයන් ළඟා කර ගැනීම කෙරෙහි පමණක් කේන්ද්‍රගත විය.

ජෛව පද්ධතීන් දූෂණයට ලක්වීම මහා සාගරය පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපිරිසිදු මෙන්ම ආම්ලික වෙමින් පවතී, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යෑම නිසා ගෝලීය උණුසුම (global warming) වැඩිවීම, සමකය ආශ්‍රිත රටවල දැඩි උෂ්ණත්වයන්, ලැව්ගිනි හා ක්‍ෂණික ගංවතුර (flash flood) ගැලීම් නිරන්තරයෙන් වාර්තාවේ. පෙර නොවූ විරූ ලෙස ප්‍රචණ්ඩකාරී සුළි සුළං තත්වයන් ලොව පුරා දක්නට ලැබෙනවා. එමෙන්ම උතුරු හා දකුණු අර්ධගෝලයන්හි හිමකඳු, ග්ලැසියර දියවීමේ වේගය හා මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් එහි සත්ව හා ශාක ප්‍රජාවන් වෙත එල්ල වන මාරාන්තික බලපෑම නැවත හරවාලිය නොහැකි තත්ත්වයක් ඇති කරනු ඇත.

මේ සියලුම විපර්යාස මධ්‍යයේ අප කොවිඩ් – 19 (Covid 19) වසංගතයටද මුහුණ දෙමින් සිටිනවා, ඇතැම් විට මෙම වෛරසය මිනිසා විසින් පරිසරයට සිදුකරන අත්තනෝමතික ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වීමට පුළුවන් නොවේද?

කාලගුණ විපර්යාස, මිනිසා විසින් පරිසරයේ ජෛව විද්‍යාත්මක තුලනයට බාධා කරමින් සිදු කරන අසීමිත කැලෑ කැපීම, කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය සඳහා භූමිය විනාශ කිරීම, නීති විරෝධී ලෙස අන්තරාවට ලක්වූ සත්වයන් වෙළඳාම (අප වර්තමානයේ මුහුණදී සිටින කොවිඩ් වසංගතය ආරම්භය පවා සිදු විය හැකි එක් ආකාරයක් ලෙස සත්ව විශේෂයකින් තවත් සත්ව විශේෂයක් වෙතට රෝගකාරක වෛරසය සම්ප්‍රේෂණය වීම දක්වා තිබෙනවා).

පෘථිවිය මත ක්‍රියාත්මක වන සියලුම ජෛව පද්ධතීන්හි ඒකායන අරමුණ ජෛව විවිධත්වය පවත්වා ගැනීම, ජෛව පද්ධතීන් අතර තුලනය පවත්වා ගැනීම හා ජීවයේ අඛණ්ඩතාව තහවුරු කිරීමයි. මෙම ජෛව පද්ධතීන්හි ආරක්ෂාව හා සෞඛ්‍ය මට්ටම සුරක්ෂිත වන තරමටම මිනිසා ඇතුළු සියලුම පෘථිවිවාසීන්ගේ පැවැත්ම තහවුරුවනු ඇත. මිනිසා වටහා ගත යුතු ප්‍රධානතම කරුණ නම් පරිසරයේ වන ජීවී හා අජීවී සංරචකයන් ආරක්ෂා කීරීමෙන් තොරව දිගුකාලීන ධරණීය දියුණුව (Sustainable Development) ළඟා කර ගත නොහැකි බවයි. එබැවින් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප සැම, ස්වභාවධර්මයාට සවන් දීමටත් එකී හොඳ පුරුදු අපගේ අනාගත පරපුරට දායාද කරමින් මිහිමව සුවපත් කිරීමටත් දායක වෙමු.

සොබාදම් මාතාව රැකගැනීම සඳහා ඔබේත් මගේත් දායකත්වය 2023 වසර වන විට ලෝක ජනගහනය බිලියන 7.9ක් දක්වා වැඩිවී ඇත. නමුත් පෘථිවියේ සම්පත් ප්‍රමාණය එය බිහිවූ දින සිටම නිශ්චිතය. එමෙන්ම මානව ක්‍රියාකාරකම් නිසා අධික ලෙස හායනයට ලක්වී ඇත. අප එක් එක් පුද්ගලයින් ලෙස අද සිට හෝ අපගේ දෛනික ක්‍රියාකාරකම් තුළින් පරිසරය ආරක්ෂා වන පියවරයන් අනුගමනය කරන්නේ නම් එමගින්ද ලෝකය ආරක්ෂා කීරීමට දායකත්වය ලබා දිය හැක.

  1. ගස් සිටුවන්න

පසට හා එම පරිසරය ආශ්‍රිත සත්ව හා කුරුළු විශේෂයන්ට ආරක්ෂාව, ආහාර හා අලංකාරය ලබා දෙන ශාක තෝරා ගන්න. හැකිනම් ඒක දේශීය ශාක වලට ප්‍රමුඛත්වය ලබාදෙන්න.

  1. පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන දෑ භාවිතය අඩු කරන්න, නැවත භාවිත කරන්න හෝ ප්‍රතිචක්‍රීකරණය කරන්න (Reduce, Reuse, Recycle of polyethene & plastic)

ඔබ සුපිරි වෙළෙඳසලට යනවිට හෝ කඩයට යන විට පොලිතීන් මලු හෝ රෙදි මලු රැගෙන යන්න

  1. ඔබගේ ගෙවත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගන්න
  2. සෑමවිටම ජලය පණමෙන් සුරකින්න
  3. ආහාර නිකරුණේ අපතේ දැමීමෙන් වළකින්න
  4. පරිසරයට ආදරය කළ යුතු බව නිරන්තරයෙන් ඔබේ දරුවාට කියා දෙන්න
  5. ඔබගේ අවට පරිසරය කැළි කසළ වලින් තොර කලාපයක් බවට පත් කරගන්න
  6. පරාගනය සිදු කරන කෘමීන්, සමනළයින් හා අනෙක් කුරුලු විශේෂ (pollinators) ප්‍රවර්ධනය කිරීම සඳහා වාසස්ථාන ඉදි කර දෙන්න

මෙවැනි කුඩා නමුත් ප්‍රායෝගික පරිසරයට හිතැති ක්‍රියාකාරකම් මගින් අපගේ ලෝකය නැවත ප්‍රකෘතිමත් කිරීමට කුඩා හෝ දායකත්වයක් ලබා දිය හැකි බව අපගේ අදහසයි.

advertistmentadvertistment
advertistmentadvertistment