පැළ සිටුවීමේ නැකත අද

49

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුව පැළ සිටුවීමේ නැකත අදට (20 දා) යෙදී ඇත. ඒ අනුව අද පෙරවරු 6.38 ට යෙදී ඇති සුබ නැකතට පැළ සිටුවීමේ ප්‍රධාන වැඩසටහන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මීට සමගාමීව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ සියලුම ආයතනවලදී පැළ සිටුවීමේ වැඩසටහන් අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment