පෑනක් වැනි ගිනිඅවියක් සමග අයෙක් එස්.ටී.එෆ්. දැලේ

123

පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (25 දා) සමත් විය.

එම බළකායට ලද තොරතුරකට අනුව කොස්ගොඩ, පැලගස්වලාන දී මොහුව කොටු කරගෙන තිබේ. 46 හැවිරිදි සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ රත්ගම දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ටී. ඩී. කේ. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment