පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්

331

සැබවින්ම ශ‍්‍රී ලාංකේය බැංකුව, පෑන් ඒෂියා බැංකුව පසුගියදා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට, නව අධ්‍යක්ෂවරුන් ලෙස සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය සහ චේතිය උමගිලිය මහතා පත්කරන ලදි.

සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය වන අතර, ඇය වසර 40කට අධික බැංකු අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරිණියකි. බැංකුකරණ ක්ෂේත‍්‍රයේ මූල්‍ය කළමනාකරණය, ආයතනික බැංකුකරණය,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හා පාරිභෝගික බැංකුකරණය යන ක්ෂේත‍්‍රවල විශේෂඥවරියකි. ඇය සීබීසී මියන්මාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක්ද වේ. ඇය මීට පෙර සීබීසී ටෙක් සොලියුසන් සමාගමේ හි අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළාය. ඇය ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ හා පරිපාලන ගිණුම්කරණ ආයතනයේ (ලන්ඩන්) සාමාජිකයෙක් වන අතරම, ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ අරමුදල් කළමනාකරණය සඳහා වන වරලත් ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

චේතිය උමගිලිය මහතා මැණික් කර්මාන්තයේ සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරයේ වසර 17 ක පළපුරුද්දක් ඇති ව්‍යවසායකයෙකි. ඔහු විවිධ ව්‍යාපාර අංශවල ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත නිළධාරියෙකි. දැනට, ඔහු යුනි ඩිල් පැකේජින් සමාගම, යුනි ඩිල් පැකේජින් සොලියුෂන්ස් සමාගම, ස්විස්ටෙක් (සිලෝන්) සමාගම, ස්වීස්ටෙක් ඇළුමිනියම් සමාගම සහද ෆෝට්ට‍්‍රස් රිසෝට්ස් යන සමාගම් හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment