පෑන් ඒෂියා බැංකුවේ ජා -ඇල ශාඛාව නව නිවහනකට

89

පෑන් ඒෂියා බැංකුවේ ජා -ඇල ශාඛාව ජූනි 20 වෙනි දිනට යෙදුනු සුබ මොහොතින් අංක 206, කොළඹ පාර, වැලිම්පිටිය, ජා -ඇල හි පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස් .බී. රන්ගමුව මහතාත්, ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නලීන් එදිරිසිංහ මහතාද සහභාගී විය. එසේම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ද ව්‍යාපාර ප්‍රජාව හා අනිකුත් ගනුදෙනුකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය බැංකුවක් ලෙස සිය නව්‍ය සේවාවන් ජා -ඇල ප්‍රදේශයේ ජනතාවට වඩා කාර්යක්ෂම ලෙස ලබාදීම සදහා, ජා -ඇල ශාඛාව වඩා සුවපහසු ස්ථානයක විවෘත කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වන බව, පෑන් ඒෂියා බැංකුවේ සභාපති රන්ගමුව මහතා විවෘත කිරීමේ උත්සවය අමතමින් පැවසීය. ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ සුවිශේෂී ගුණාංග මනාව හඳුනාගෙන, ඒවාට ගැලපෙන අයුරින් සිය ව්‍යාපාර සංකල්පය ගොඩනැඟීම සැබවින්ම ශ්‍රී ලාංකීය පෑන් ඒෂියා බැංකුවේ සාර්ථකත්වයේ රහස බවද ඒ මහතා පැවසීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස් .බී. රන්ගමුව මහතා බැංකුව විවෘත කිරීමේ අවස්ථාව ඡායාරුපයෙන් දැක්වේ. ජා -ඇල ශාඛා කළමණාකරු සමින්ද විජේසිංහ, මෙහෙයුම් හා පරිපාලන අංශ සහකාර සාමාන්‍යධිකාරී හර්ෂ කුරුකුලසූරිය, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නලීන් එදිරිසිංහ හා කොළඹ පිටත කලාප කළමණාකරු ප්‍රිමාල් සමරසිංහ යන මහත්වරුන් ඡායාරුපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment