පෑන් ඒෂියා බැංකුව අභියෝග හමුවේ ආකර්ෂණීය කාර්ය සාධනයක් වාර්තා කරයි – බදු පසු ලාභය රු. මිලියන 1,356 ක්, 50% කින් ඉහළට

403

පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස්බී රන්ගමුව සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි නිමල් තිලකරත්න

පෑන් ඒෂියා බැංකුව 2021 ජුනි 30 න් අවසන් වූ මාස හය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කර ඇත.

 අභියෝගාත්මක සර්ව-ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද බැංකුව එයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පෙන්නුම් කරමින් බදු ගෙවීමට පෙර ලාභය රු. මිලියන 1,822 ක් සහ බදු පසු ලාභය රු. මිලියන 1,356 ක් ලෙස වාර්තා කර ඇත. එය පිළිවෙලින් 27% සහ 50%ක වර්ධන වේගයකි. කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් දැඩි අවිනිශ්චිතතාවයක් තිබියදීත් බැංකුවේ ක‍්‍රියාකාරිත්වය, ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව මින් මනාව පිළිබිඹු කරයි.

 කොවිඞ් -19 හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති අහිතකර බලපෑමට එරෙහිව, මූල්‍ය සේවා සඳහා වැට් බද්දට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභය රු. මිලියන 2,245ක ඉහළ අගයක් වාර්තා විය. මූලික බැංකු ක‍්‍රියාකාරිත්වයේ විශිෂ්ටත්වය සහ පිරිවැය පාලනය කිරීමේ සාර්ථකත්වයන් පිළිබිඹු කරමින් 25%ක වර්ධනයක් වන එම අගය සනිටුවහන් වීම ක්ෂේත‍්‍රයේ දැනට ශ්‍රේණිගත වී ඇති සියලූම ප‍්‍රධාන දර්ශකවල වැඩිදියුණු වීම මනාව පිළිබිඹු කරයි. කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් ණය ගුණාත්මකභාවයේ පිරිහීම සඳහා සැලකිය යුතු ප‍්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව පවා මෙම ජයග‍්‍රහණය සාක්ෂාත් කර ගැනීම සුවිශේෂී වේ.

 

advertistmentadvertistment
advertistmentadvertistment