පෑන් ඒෂියා බැංකුව මුල් මාස නවයේ කාර්ය සාධනය තුළින් අභියෝග මධ්‍යයේ සිය ස්ථාවරත්වය මනාව විදහා දක්වයි

98
පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස්. බී. රන්ගමුව මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා

2022 සැප්තැම්බර් 30 වන දිනෙන අවසන් කාල සීමාව සඳහා බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය වාර්තා කරමින් අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් උද්ගත වූ අභියෝග රැසක් මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව පිළිබිඹු කිරීමට පෑන් ඒෂියා බැංකුව සමත් විය.

පොලී අනුපාතයන්හි ඉහළ යෑම හේතුවෙන් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවයට සිදු විය හැකි බලපෑම සම්බන්ධයෙන් සැලකීමේදී බැංකුව විසින් භාවිත කළ විචක්ෂණ Portfolio කළමනාකරණය සහ තීක්ෂණභාවය ඊට ප්‍රධානතම සාධකය ලෙස සඳහන් කළ හැකිය. සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව සිය ශුද්ධ පොලී ආදායම 11% කින් ඉහළ නංවා ගනිමින් රුපියල් මිලියන 7,433.6ක අගයක් වාර්තා කිරීමට සමත් වූයේ ඉහළ යන අනුපාතයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් එහි වත්කම් හා බැරකම් Portfolio මනා ලෙස කළමනාකරණය කර ගනිමිනි. ඒ අනුව මාස 9ක කාලය සඳහා බැංකුව රුපියල් මිලියන 626ක බදු පෙර ලාභයක් හා රුපියල් මිලයන 433ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා මෙසේ සඳහන් කළේය. “පසුගිය වසරේ අප දුටු තත්ත්වයට වඩා වෙනස් වූ මේ වසරේදී ප්‍රමාණයට වඩා ගුණාත්මක බව පිළිබඳව අවධානය යොමු කිරීම අපගේ කාර්ය සාධනයේ ප්‍රධාන සාධකයක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ දැනට පවත්නා වත්කම් Portfolio ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වත්කම් සහ වගකීම් කළමනාකරණය කිරීමත් සමඟ උද්ධමනකාරී තත්වය මධ්‍යයේ මෙහෙයුම් වියදම් අවම කිරීම තුළින් මෙම සාර්ථකත්වය උදා කර ගැනීමට අපට හැකි වුණා.”

ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද මූල්‍ය නිර්ණායකයන්ට අදාළව බැංකුවේ විදේශ මුදල් ආයෝජනයන් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා දුන්නේය. එසේම රට තුළ පවතින කැළඹිලි සහිත ආර්ථික තත්ත්වයන් හේතුවෙන් පැන නැගුණු ඉහළ අවදානම් සහ අවිනිශ්චිතතාවන් සැලකිල්ලට ගනිමින් දුර්වල ණය සඳහා සමාලෝචිත කාල සීමාව තුළ බැංකු ණය පාඩුව සූක්ෂමව අවම කර ගැනීමට සමත්ව ඇත. වාර්තා වන මෙම කාල පරිච්ඡේදය සඳහා වන අපහරණ වියදමට ශ්‍රී ලංකා රජය වෙත විදේශ මුදල් ලබා දීම වෙනුවෙන් කරන ලද ප්‍රතිපාදනයන්හි අගය රුපියල් බිලියන 1.58ක් වේ.

එසේම ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල පරිමාවන් හා අනුපාතයන්හි ඉහළ යෑම හේතුවෙන් බැංකුවේ ශූද්ධ ගාස්තු හා කොමිස් ආදායමද 6%ක වර්ධනයක් වාර්තා කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment