පෑන් ඒෂියා බැංකුව 2022 වසරේ සුවිශේෂී කාර්ය සාධනයක් වාර්තා කරයි

31
පෑන් ඒෂියා බැංකුවේ සභාපති - ජයන්ත එස්. බී. රන්ගමුව මහතා , කළමනාකරණ අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී -නිමල් තිලකරත්න මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී (නම් ලත්) නලින් එදිරිසිංහ මහතා.

පෑන් ඒෂියා බැංකුව 2022 වසර සඳහා සිය මූල්‍ය කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් මතුවන බාධක රාශියක් මධ්‍යයේ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව මනාව පිළිබිඹු කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ වෙළඳපොළ ණය අනුපාතික ඉහළ යාම සිදු විය. එහිදී වෙළෙඳපොළ තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් ණය පහසුකම්වල ප්‍රති-මිලකරණයේ බලපෑම හේතුවෙන් වසර සඳහා පොලී ආදායම 42% කින් ඉහළ ගියේය. තෝරාගත් ණය පහසුකම් සඳහා පොලී අනුපාත සීමාවන් ඉවත් කිරීමත් උකස් අත්තිකාරම් සහ කාලීන ණය සැලකිය යුතු පරිමාවකින් වර්ධනය වීමත් ඊට හේතු විය.

මේ පිළිබඳව සිය අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත එස්. බී. රංගමුව මහතා මෙසේ පැවසීය. ”‍පැන් ඒෂියා බැංකුව තම සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කර ගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සිය ශක්තිමත්භාවය මනාව පිළිබිඹු කර තිබෙනවා. අසීරු කාලවලදී නොබියව අඛණ්ඩව බැංකුවේ ගමන් මග සාර්ථක කර ගැනීමට උරදුන් අපගේ ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට, සේවකයින්ට, කළමනාකාරීත්වයට, අධ්‍යක්ෂ මණ්ඩලයට මම හදවතින්ම ස්තූති කිරීමට කැමතියි.

advertistmentadvertistment
advertistmentadvertistment