පෑන්, පැන්සල් මකන ඇතුළු අධ්‍යාපන උපකරණවල මිලත් 70% කින් නැගලා

739

* මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පැන්සල, පෑන, මකනය, ඇතුළු සියලූ අධ්‍යාපනික උපකරණවල මිල ගණන්ද වෙළෙඳ මාෆියාව විසින් සියයට 70 කින් ඉහළ දමා ඇතැයි මහජන අයිතීන් සුරැුකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවසීය.

මෙම වෙළෙඳ මාෆියාව පිටුපස මැති ඇමැතිවරුන්ගේ ගජ මිතුරන් සිටින්නේ දැයි සැක මතුවී ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා මෙසේද පැවසීය.

රුපියල් 10ට තිබුණු පෑන රුපියල් 20 කරලා. රුපියල් 5 ට තිබුණු පැන්සල රුපියල් 20 යි. රුපියල් 10 ට තිබුණු මකනය රුපියල් 20 යි, 25 යි. රුපියල් 30 ට තිබුණු කතුරක් දැන් රුපියල් 70 යි, 80 යි. සුදු පාට ් 4 පාට කොළයක් දැන් රුපියල් 7 ත් 8 ත් අතර මිලක් වෙනවා. ගම් බෝතල්, සෙලෝටේප්, ස්ටේපර් කටු හා මැෂින් ඇතුළු හැම අධ්‍යාපනික උපකරණයකම ගණන් ඉහළ නංවලා. කොවිඞ් නිසා ගෙදරට කොටුවෙලා හිටපු දරුවන් පාසල් යන්න පටන්ගත්තා විතරයි මේ කළු කඩකාරයෝ දැන් දරුවන්වත් හුරාගෙන කන්න පටන් අරන්.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනික උපකරණවල මිල අසාධාරණ ලෙස වැඩිකිරීම ගැන වහා සොයා බලන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment