පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ඊයේ (29 දා) එළවළු මිල ඉතා ඉහළ අගයක් ගත් බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ට ඊයේ (29දා) පැවසීය.
ඊයේ දිනයේ මැනිං වෙළෙඳපොළට එළවළු ලොරි පැමිණියේ 15ක් පමණක් බව ද හෙතෙම කීය.
ඊයේ දිනයේ බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට ද, මාළුමිරිස් කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකට ද, තක්කාලි කිලෝවක් රුපියල් 250ත් 260ත් අතර මිලකට ද කැරට් කිලෝවක් රුපියල් 130ත් ් 150ත් අතර මිලකට ද අලෙවි කෙරුණු බව ද ඒ මහතා කියා සිටියේය.
ඊයේ දිනයේ එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙඳුන්ගේ විශාල අඩුවක් දක්නට තිබූ බව ද හෙතෙම කියා සිටියේය.
පෙරේදා (28 දා) එළවළු වෙළෙඳුන්, රියැදුරන් වැඩ වර්ජනවලට සහභාගි වීම හේතුවෙන් එළවළු ලොරි ප්රමාණය මෙලෙස පැමිණීම අඩු වී ඇතැයි ද හේ සඳහන් කළේය.
ප්රදීප් ප්රසන්න සමරකෝන්