පෑලියගොඩ මාළු ගිනි ගණන්: ඊයේ ආවේ මාළු ලොරි 15 යි

170

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (03 වැනිදා) මාළු මිල ඉතා අධිකව පැවැති බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ ට පැවසීය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ඊයේ පැමිණියේ මාළු ලොරි 15 ක් බවද, එමෙන්ම පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට තිබූ බව ද ඒ මහතා කීවේය.

කෙලවල්ලා තොග කිලෝවක් රුපියල් 2000 ක්ද, තෝර මාළු කිලෝවක් රුපියල් 2800 ත් 3000 ත් ද, සාලයා කිලෝවක් රුපියල් 850 ක්ද, ලින්නා කිලෝවක් රුපියල් 900 ක්ද, තලපත් කිලෝවක් රුපියල් 1700 ක්ද, බලයා කිලෝවක් රුපියල් 800 ක්ද, ඉස්සො කිලෝවක් රුපියල් 1200 ත් ආදී ඉහළ මිලකට අලෙවි වූ බව හෙතෙම කියා සිටියේය. පවතින දැඩි සුළං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ධීවරයන්ට මුහුදු යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment