පෑලියගොඩ මාළු ගිනි ගණන්

204

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු ඊයේ (09දා) ඉතා අධික මිලකට අලෙවි වූ බව එම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

මාළු මිල ඉහළ යෑමේ තත්ත්වය මෙම මාසය පුරාම පැවතිය හැකි බවද හෙතෙම කීය.

ඊයේ දිනයේ කෙළවල්ලා කිලෝවක් රුපියල් 2200කට ද තලපත් කිලෝවක් රුපියල් 2500කට ද පරවා කිලෝවක් රුපියල් 1800කට ද දැල්ලෝ කිලෝවක් රුපියල් 2000කට ද සාලයා කිලෝවක් රුපියල් 450කට ද ලින්නා කිලෝවක් රුපියල් 1200කට ද බලයා කිලෝවක් රුපියල් 1400කට ද අමුහාල්මැස්සන් කිලෝවක් රුපියල් 800කට ද ඉස්සෝ කිලෝවක් රුපියල් 1300කට ද අලෙවි කෙරුණු බවද හෙතෙම කීය.

දිවයිනේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයන් මුහුදු යෑමෙන් වළකින බවත්, එම තත්ත්වය නිසා ලැබෙන මත්ස්‍යයන් ප්‍රමාණය අඩුවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment