පෑලියගොඩ මාළු ගිනි ගණන්

344

තලපත් තොග කිලෝවක් රු. 1600, කොප්පරා රු. 1800, කෙළවල්ලා රු. 1700,
ඉස්සෝ රු. 1100 ලින්නා රු. 700, සාලයා රු. 600

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (21 දා) අලෙවි වූ තලපත්, කොප්පරා, බලයා ඇතුළු මත්ස්‍ය වර්ග කීපයක කිලෝවක තොග මිල ර. 1000 ඉක්මවූ මිලක් ගත් අතර එය ඉතා අධික අගයක් බව පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ ට පැවසීය.

වෙනදා දෛනිකව මත්ස්‍ය තොග සහිත ලොරි 200 ක් පැමිණෙන නමුත් ඊයේ පැමිණියේ ලොරි රථ 100 ක් බවද හෙතෙම කීය’

ඊයේ තලපත් තොග කිලෝවක මිල රු. 1600 කටද, කොප්පරා රු. 1800 කටද, කෙළවල්ලා රු. 1700 කටද, ඉස්සෝ රු. 1100 කටද, දැල්ලෝ රු. 1300 කටද අලෙවි වූ බවද ලින්නා තොග කිලෝවක් රු. 700 කටද, සාලයා රු. 600, බලයා රු. 800 කටද අලෙවි වූ බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment