පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයත් පාළුවට

174

ඉන්ධන අර්බුදය හේතුවෙන් තම මාළු ව්‍යාපාරයද කඩා වැටීමට ලක්වී ඇතැයි පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

ඉන්ධන අර්බුදය නිසා ධීවරයන්ට මුහුදු යෑමට නොහැකි වී ඇති බවත් එම නිසා මාළු වෙළෙඳ සංකීර්ණය වෙත ගෙන ඒම බොහෝ සෙයින් අඩුවී ඇති බවද එම වෙළෙඳ හිමියෝ සඳහන් කරති.

ගෙන එනු ලබන මාළු වෙළෙඳුන් ලබා ගනු ලබන්නේ ඉතා අඩු ප්‍රමාණයක් බවත් සඳහන් කරන එම වෙළෙඳ හිමියන් මේ නිසා සිය ව්‍යාපාර කටයුතු කඩා වැටීමේ අර්බුදයකට ලක්වී ඇති හෙයින් බලධාරීන් මැදිහත් වී ඒ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිති. මාළු තොග අඩුවීම නිසා වෙළෙඳ භූමිය මෙන්ම වෙළෙඳ සිංකීර්ණයේ ඇති මාළු ලෑලී හිස්ව ගොස් ඇති ආකාරය ඡායාරූපයේ දැක්වේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment