පෑලියගොඩ මැනිං පොළේ වාහන ගාස්තු අසාධාරණයි

277

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙ රථ ගාලේ රථවාහන ගාල් කිරීමේදී අයකරන ගාස්තුවල නිසි ක්‍රමවේදයක් නැති වීම නිසා වාහන හිමියෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

වෙනත් රථගාල්වල මෙන් වාහන ගාල් කර තබන කාලයට අනුව මුදල් අය නොකිරීම නිසා මෙසේ වාහන හිමියන් අපහසුතාවට පත්ව ඇත.

රථ ගාලේ හිමිකරුවන් එක් දිනකදී අයකරන කුලිය සෑම වාහනයකින්ම ලබා ගැනීම නිසා මෙම ගැටලුව උද්ගත වී ඇත.

මේ හේතුව නිසා මැනිං වෙළෙඳපොළට පැමිණෙන රථවාහන හිමියන්ට පැයක භාගයක කාලයක් වාහන නතර කර තැබුවත් දිනක කුලිය ගෙවීමට සිදු වී ඇත. යතුරුපැදියක් සඳහා රුපියල් 40 ක් ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 60 ක් ද වෑන් කාර් සඳහා රුපියල් 100 ක් ද අය කරනු ලබයි.

පැය භාගයකට විනාඩි කීපයකට මැනිං වෙළෙඳපොළට ඇතුළු වන වාහනවලින් මෙසේ දවසක කුලිය ලබා ගැනීම ඉතාම අසාධාරණ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් වාහන හිමියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment