පිකාසෝගේ චිත‍්‍ර 11ක් ඩොලර් මිලියන 110 කට වෙන්දේසි වෙයි

369

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නගරයේ පිහිටි හෝටලයක දශක දෙකකට අධික කාලයක් ප‍්‍රදර්ශනයට තබා තිබූ ප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික චිත‍්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ විසින් සිතුවම් කරන ලද චිත‍්‍ර නිර්මාණයන් 11ක් ඇමරිකානු ඩොලර් මිලියන 110කට ආසන්න මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ. ලාස් වේගාස් නගරයේ පිහිටි බෙල්ලගියෝ හෝටලයේ ප‍්‍රදර්ශනයට තබා තිබුණු මෙම චිත‍්‍ර නිර්මාණයන් එම් ජී එම් රිසොර්ට්ස් ආයතනයට අයත්ව තිබී ඇති අතර ප‍්‍රසිද්ධ වෙන්දේසියේදී අලෙවි කෙරුණු චිත‍්‍ර නිර්මාණ 11න් 02ක් පිඟන් මැටි කොටස්වල නිර්මාණය කර තිබූ සිතුවම් බව අනාවරණය වී තිබේ.

 මෙම සිතුවම් වසර 50 කට වඩා පැරණි ඒවා වේ. පිකාසෝ චිත‍්‍ර ශිල්පියා 1973 වසරේදී ප‍්‍රංශයේදී මිය ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment