පිටකොටුවේ තොග වෙළෙන්දකුට දුන්නා නම් ආණ්ඩුවට වඩා හොඳට හාල් ප‍්‍රශ්නය විස ඳනවා- අනුර කුමාර දිසානායක

500

සහල් අර්බුදය විසඳීම පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට භාර දුන්නේ නම් වත්මන් ආණ්ඩුවට වඩා හොඳින් එය ඔවුන් විසඳීමට අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 වැනිදා) රජයට චෝදනා කරමින් සඳහන් කළේය.

සහල් මිල ඉහළ යද්දී එම නිෂ්පාදනය ක‍්‍රමානුකූලව බෙදා හැරීමට විධිමත් සැලැස්මක් නොමැතිව පිටරටින් සහල් ගෙනත් ගොඩබෑමට පාලකයන් අවශ්‍ය නොවන බවත් කී හෙතෙම ඒ සඳහා වී මිලදී ගැනීම, ගබඩා කිරීම, සහල් බවට පත් කිරීම හා තොග වෙළෙඳාමේ පංගුවක් අත්පත් කර ගනිමින් රජය ඒ සඳහා ක‍්‍රමවත් මැදිහත්වීමක් කළ යුතු බවත් පැවසීය.

නමුත් වත්මන් පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නොමැති හෙයින් රටේ පොදු ජනතාව අන්ත අසරණ වී ඇති බවත් දිසානායක මහතා කීවේය.

මෙම ආණ්ඩුව ගොවි ජනතාව හෝ දෙකෝටියකට අධික බත් කන ජනතාව නියෝජනය නොකර මාෆියාකරුවන් නියෝජනය කරන බවත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටියේය. මෙම ආණ්ඩුවේ අමනෝඥ සහ කපටි වැඩපිළිවෙළ නිසා ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගන්න තිබූ ඉඩකඩ මෙන්ම

පාරිභෝගික ජනතාවට අඩු මිලට සහල් මිලට ගැනීමට තිබූ අවස්ථා ඇහිරී ගිය බවත්, නමුත් මෝල් හිමියන් සහ තීන්දු තීරණ ගත් ඇමැතිවරුන් අතර කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් සම්භාරයක් ගොඩගැසුණු බවත් පෙනෙන්නට ඇතැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment