පිටකොටුවේ හෝටලයක කුකුළු මස් කියා හාමස් දීලා!

1199

සැකකරුට මඩකලපුවේ හා ගොවිපොළකුත් තිබෙනවාලු!

හාමස් සමග බත් සැපයූ පිටකොටුවේ හෝටලයක් වැටලූ පිටකොටුව පොලිසිය එම හෝටලයේ තිබූ මරාදැමූ හාවන් සිවි දෙනෙකු ද ඊයේ සොයා ගත්තේය.

පොලිසිය කියන අන්දමට මෙම හෝටල් හිමියා කුකුල් මස් කියා කෑමට සපයන්නේ මෙම හාමස්ය.

මෙම හෝටලයේ කෑමට පැමිණෙන පුද්ගලයන්ට කුකුළු මස් කියා මෙසේ හා මස් අනුභව කිරීමට දී ඇත.

මෙම හෝටල් හිමියා හාවන්ගේ ගොවි පොළක්ද මඩකලපුවේ පවත්වාගෙන යන බව පොලිසිය කියයි.

මොහුට නඩු පවරන බව පොලිසිය කියයි.

මෙම හෝටලයෙන් බත් පාර්සලයක් ගෙනා පුද්ගලයෙකුට හාවෙකුගේ හිස කොටසක් හමුවී තිබේ.

කුකුළු මස් සහිත බත් පාර්සලයක මෙවැනි හිසක් හමුවීම පිළිබඳව පොලිසියට ඔහු පැමිණිලි කර තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment