පිටත්ව යෑමට සූදානම් වූ තුර්කි ගුවන් යානයක් අනතුරට පත් වෙයි

219

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේදී 07/03 දින රාත්‍රී ආපසු පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ.

මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.330-300 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. ටී.කේ. – 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන 07/03 දින රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය ( ඇසළ කුණාටු තත්වය ) නිසා, මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙන විත් තිබූ බහාලුමක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව එම බහාලුම ගුවන් යානය දෙසට හැමූ වේගවත් සුළඟට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment