පිටරටින් එවන සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

723


විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

විදේශ ප්‍රේෂණ මත කිසිඳු බද්දක් අය නොකරන අතර විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment