පිටරටින් සහල් ගෙන්වීමෙන් කුඩා හාල්මෝල් වැසී යනවා

111
OLYMPUS DIGITAL CAMERA

අරුණ බෝගහවත්ත

 කිහිපදෙනෙකුගේ අදහසකට අනුව ආණ්ඩුව රසායනික පොහොර භාවිතය නතර කිරීමට ගත් පියවර නිසා රට තුළ පොහොර හිඟයක් මතු වී තිබෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් බතික් අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇඟලූම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ලෝකයේ කොහේවත් සියයට සියයක් කාබනික පොහොර යොදල වගා කරන රටවල් නොමැති බවත්, එසේ කාබනික පොහොර යොදා වගා කරන නිෂ්පාදන ඉතා මිල අධික බව ද රාජ්‍ය ඇමැතිවරයා පඬුවස්නුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේය.

 එහිදී මෙසේද කීය. රසායනික පොහොර හිඟය නිසා මේ වන විට රට තුුළ සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසාම සහල් පිටරටින් ආනයනය කිරීමට ආණ්ඩුවට අද සිදු වී තිබෙනවා. කිහිපදෙනකුගේ අදහසකටයි ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ. රසායනික පොහොර භාවිතා කරල වගා කරන සහල්වල ආසනික් තියෙනවා කියලා වෛiවරු කියල තියෙනවා. ඒ තුළින් රසායනික පොහොර තහනම් කිරීම තුළයි මෙම අර්බුදය හටගෙන තිබෙන්නේ.

 රටේ මිනිස්සු මැරෙන්නේ පිළිකාවලින් පමණක් නොවෙයි. විශාල පිරිසක් මැරෙන්නෙ හෘදයාබාධ නිසා හා වකුගඩු රෝගයෙන්. ඒකට හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනයයි. කොයි වෙලාවකවත් ඔප්පුවෙලා නැහැ මේවා හැදිලා තියෙන්නේ රසායනික පොහොර භාවිතය නිසා කියලා.

 මේ රටේ සුළු පරිමාණ හාල් මෝල් වැසී යනවා. මේ අය සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ. මේ අය මෝල් ගෙනාවේ තමන්ම හම්බකරපු මුදල්වලින් නැතුව කාගෙවත් බුදලයකින් නෙවෙයි. ඒ නිසා අද පිටරටින් සහල් ගෙනත් කන්න හදන වැඩපිළිවෙළ තුළ ඔවුන්ව විනාශ කිරීමයි සිදුවන්නේ. ඒ නිසා අපි ඉල්ලනවා ලංකාවේ සහල්වල ආසනික් තියෙනවාද කියලා හොයන්න පුළුවන්. මේ ගහන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ටයි.

 ඉදිරි මහ කන්නය වන විට තවත් සහල් හිඟයක් ඇති වෙනවා. ඒ තුළ තවත් සහල් ලංකාවට ගෙන එන තත්ත්වයකට පත්වෙයි. එක්කෙනෙක්ගේ දෙන්නෙකුගේ කීමට අද විශාල අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. කාබනික පොහොර භාවිතයට අපි විරුද්ධ නැහැ. ඒත් මෙය ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මක කිරීමයි කළ යුත්තේ. ඒත් එක පාරට මෙය ක‍්‍රියාත්මක කිරීම තුළයි මෙම අර්බුදය මතු වී තිබෙන්නේ යයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment